පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් ප්‍රසිද්ධ කළ යුතු බවට තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව (RTI) විසින් පාර්ලිමේන්තුව වෙත දැනුම් දී තිබේ.
Sri Lanka Freedom Party has begun the process to field it's leader Maithripala Sirisena as the next presidential candidate.
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට දුන් දඬුවම සැර වැඩි බවත් ලෝකයේ වෙනත් කිසිදු රටක මෙවන් වරදක් සඳහා මෙතරම් බරපතළ දඬුවමක් ලබාදී නොමැති බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
2010 වසරේ සිට රිෂාඩ් බදියුදීන් මන්ත්‍රිවරයාගේ නිවසේ සේවය කළ කාන්තාවන් 11දෙනා අතරින් තිදෙනෙකුම මේවන විට ජීවිතක්ෂයට පත්ව ඇති බව සිදු කෙරුණු විමර්ශණවලදී අනාවරණ වී තිබෙනවා. එලෙස සේවය කළ තවත් කාන්තාවක් ඊයේ ප්‍රකාශ තිබුණේ තමන්ද බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ සේවය කළ සමයේ ලිංගික අතවරයන්ට ලක්වු බවයි.
හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා එරෙහිව ගොනුකර තිබූ අල්ලස් නඩු 08 කින් නියෝජ්‍ය අමාත්‍යවරයා නිදහස් කිරීමට අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. අල්ලස් කොමිසම විසින් පවරා තිබූ මෙම නඩු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා හමුවේ කැඳවා තිබිණි.
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මීට පෙර මෙහෙකාර සේවයේ යෙදී සිටි 11 දෙනාගෙන් පස්දෙනෙකුගේ ප්‍රකාශ සටහන් කර ගත් බව පොලීසිය පවසනවා.
කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාල පනත නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තියට පටහැනි බව අමාත්‍ය වාසුදේව නානායක්කාර නායකත්වය දරණ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ පවසනවා.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව නඩු පැවරීමක් සිදුවනු ඇතැයි තමන් නොසිතන බව හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
2017 වසරේදී වසරේ එවකට නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන වකවානුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඇත්රජගම, සියත් ලංකාගම, සිරිබරගම ඇතුළු ගම්මාන පහක් ඉදිකිරීමට කටයුතු කළ අතර මේ වන විට ප්‍රෝඩාකාරි ලෙස වත්මන් ආණ්ඩුව එම ගම්මාවල නිවාස 213ක පදිංචි නිවැසියන් ඉවත් කොට තමන්ගේ හිතවතුන්ට එම නිවාස සහ ඉඩම් විකිණීමට කටයුතු යොදමින් සිටින බව වාර්තාවීමත් සමග විපක්ෂ නායකවරයා ඊයේ (31) පෙරවරුවේ එම ප්‍රදේශයේ ජනතාව හමුවී උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළේය.
SJB MP- Rajitha Senaratne said he will cross over to another party if he feels necessary.
රට පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීම සඳහා අවම වසර 20ක්වත් නොබිඳිය හැකි දීර්ඝකාලීන ජාතික ප්‍රතිපත්ති රාමුවක් ස්ථාපිත කළයුතු බව හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.
රට සහ ජනතාව ගැන සිතා කටයුතු නොකළහොත් ඉකුත් මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට අත් වූ ඉරණම ඉදිරියේදී ආණ්ඩුවටද අත්වනු ඇති බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සී මියගිය ඉෂාලිනී ජූඩ් දැරියගේ දේහය අද ගොඩගැනීමට නියමිතයි. ඒ, දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහායි.
ජාතික ප්‍රතිපත්ති ගැන එකඟතා ඇති කර ගැනීමට මේ රටේ කිසිම ආණ්ඩුවකට හැකි වී නැති බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය.
විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාද කොළඹ සිය නිවෙසේ ස්වයං නිරෝධායනයට යොමුවී සිටී.
තමන් ඇතුළු රාජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙක් ඔලිම්පික් උළෙල පැවැත්වෙන කාලසීමාව තුළ ජපානය වෙත පැමිණියේ තම පෞද්ගලික වියදමින් බවත්, ජපානය වෙත ඒමට සහ ජපානය තුළ රැඳී සිටින කාලය තුළ සිදුවන වියදම් සඳහා රජයේ මුදල් හෝ පෞද්ගලික ආයතනවල මුදල් හෝ වියදම් නොවන බවත් රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා. මෙම සංචාරය සඳහා වන සියලු මුදල් තම පෞද්ගලික මුදලින් වැය කරන බවයි රාජ්‍ය අමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන්ව තිබෙන්නේ.
තමන්ව පොලීසි ගානේ රස්තියාදු නොකර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාට අභියෝග කළේය.
Page 262 of 550