Thursday, July 03, 2025
Follow Us
IMF කියන්නේ කරන්න බැරි දේවල්. අන්තිමට තියෙන රටත් නැති කරගෙන එන්න වෙන්න පුළුවන් - රවී

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඉතාම ප්‍රවේශමින් ගනුදෙනු කළයුතු බවත් ඔවුන් කියනා සියලු දේ කරන්නට ගියහොත් තිබෙනා ආර්ථිකයත් නැතිවිය හැකි බවත් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

"මං කාරුණිකව කියන්නෙ මේ වගේ කට්ටියට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ හදපු රටක් නෑ, නමුත් ඒකෙ කියන දේවල් තමයි විශ්වාස කරන්න අවශ්‍ය වෙන්නේ. අද හුඟක් දෙනා හුදෙකලාවෙ ඉන්නවා ඇවිල්ලා කතා කරලා, විපක්ෂයත් අද පේනවා ඔහේ නිකම් කතා කරනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තමයි තියෙන්නෙ කියලා.

මං කාරුණිකව කියනවා මේ කට්ටියට අපි ආර්ථිකයක් දණ ගස්වලා තිබ්බ මොහොතක හදලා දුන්නු රටක්. ඒ අවස්ථාවෙදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඔය කියපු දේවල් අපි කළා නම් ඒ තිබුණු වරප්‍රසාද ලබාදෙන්න බැහැ. අපි දින 100 දුන්නු පොරොන්දු ක්‍රියාත්මක කරන්න පුළුවන් වුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිසා නෙවෙයි. ජාත්‍යන්තර අරමුදල කියන්නෙ කරන්න තියෙන හොඳ දේවල්. ඒවා කිරීම තමයි අවශ්‍ය වෙන්නෙ.

නැත්නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියොත් ඕක එන්නෙ අන්තිමට තියෙන රටත් නැති කරගෙන වෙන්න පුළුවන්. මොකද ඒගොල්ලො කියන්නෙ උද්ධමනය පාලනය කරන්න, ඔන්න ඒක අවප්‍රමාණය කරනවා රුපියල. ඊට පස්සෙ මෙන්න මේ වියදම් කරන්න එපා, කරන්න බැරි දේවල් කියන්නෙ. මං යම් විදියකින් මේ ආණ්ඩුව කරන ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග තියෙන එකේ එකට එකඟයි" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (18) කොළඹදී පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

(LNW)