Thursday, July 03, 2025
Follow Us
රිෂාඩ් යළි රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ලබන පළමුවනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කර තිබේ.

පාස්කු ප්‍රහාරයට සසම්බන්ධ ස්වයං ඝාතකයින් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වීම යන චෝදනාව මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගැනුණි.

මේ අතර සිය සේවාදායකයා ගැන විශේෂ කරුණු දැක්වීමක් සිදුකිරීමට අවශ්‍ය බවමන්ත්‍රීවරයාගේ නීතිඥයා අධිකරණයට දැන්වීම නිසා ලබන 26 වැනිදා නඩුව යළි කැඳවීමට ද නියමිතයි.

(LNW)