බන්දුල කළ ක්‍රියාව අනිත් අයටත් පාඩමක් බව ජනපති කියයි
වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ද සිය ඇමති දීමනාව කොවිඩ් අරමුදලට පරිත්‍යාග කර තිබේ.
බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සිය දීමනාව කොවිඩ් අරමුදලට දිගටම කපාගන්නා ලෙස ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියකින් දැනුම් දී ඇත.
වෙළෙද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ මෙම ක්‍රියාව අනෙකුත් අමාත්‍යවරුන්ට ද ආදර්ශවත් ක්‍රියාවක් බව ජනාධිපතිවරයා විසින් අමාත්‍යවරයා ලිපියකින් දන්වා තිබේ.
මේ අතර වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා ද සිය අගෝස්තු මස ඇමති දීමනාවෙන් අඩක් කොවිඩ් අරමුදලට පරිත්‍යාග කිරීමට තීරණය කර තිබේ.
(Aruna)