හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කොවිඩ් ආසාදනයෙන් අභාවප්‍රාප්ත වී ඇති බවට සමාජ මාධ්‍ය ජාල තුළ පැතිර යන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ඒ මහතාගේ පවුලේ ආරංචිමාර්ග පවසයි.
මංගල සමරවීර මහතා දැනට ලංකා හොස්පිට්ල්ස් පෞද්ගලික රෝහලෙහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.
ඒ මහතාට ප්‍රතිකාර කරන විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතා පැවසුවේ ඔහුගේ රෝගී තත්වය ක්‍රමයෙන් සුව අතට හැරෙමින් පවතින බවයි.
(LNW)