වෛද්‍ය විශේෂඥයන්ගේ උපදෙස් පිළිගනිමින් සීමිත කාලයකට හෝ රට වසා දැමිය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. අද ශ්‍රීලනිප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රීලනිප මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මේ බව සඳහන් කළේය.
ඉහළ යන ආසාදිතයන් ප්‍රමාණය සහ මරණ ප්‍රමාණය පාලනය කිරීම සඳහා රට වසා දැමීම හෝ ඇඳිරි නීතිය පැනවීම හැර වෙනත් සුදුසු විකල්පයක් නොමැති බවත්, වෛද්‍ය විශේෂඥයන්, විද්වතුන් රැසක් ඒ සම්බන්ධයෙන් ඉල්ලීම් සිදුකර ඇති බවත් ජයසේකර මහතා සඳහන් කරනවා.
රට වසා දැමීම ආර්ථිකමය වශයෙන් දැවැන්ත පාඩුවක් වන නමුත් වසංගත තත්වය උත්සන්න වී ඇති ආකාරය අනුව ආර්ථික පාඩුව දරා ගනිමින් හෝ රට වසා දමා ජනතාව ආරක්ෂා කර ගැනීම වැදගත් බවද ශ්‍රීලනිප ලේකම්වරයා පවසනවා.
පවත්නා තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කර විසඳුම්වලට එළඹීම සඳහා සර්ව පාක්ෂික හමුවක් කැඳවීම සුදුසු බව ශ්‍රීලනිප සභාපතිවරයා විසින් යෝජනා කර ඇති බවද දයාසිරි ජයසේකර මහතා පවසනවා.
(LNW)