Thursday, July 03, 2025
Follow Us
ආණ්ඩුවේ හවුල් පක්ෂ රට වහන්න එකඟ වෙයි

විමල්, ගම්මන්පිල ඇතුළු ආණ්ඩුවේ 10ක් ජනපතිගෙන් කළ ඉල්ලීම


අවම වශයෙන් සති 03 කට රට අගුළු දමන ලෙස ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

අවම වශයෙන් සති 3ක් රට අගුළු දැමීමෙන් දැනට ඉහළ යන ආසාදිත චක්‍රය බිද දැමීමට හැකිවන බව ආණ්ඩුවේ මෙම හවුල්කාර පක්ෂ 10 පෙන්වා දී තිබේ.

අවුරුදු 18ට වැඩි සමස්ත ජනගහණය එන්නත්කරණය සිදුකිරීම සඳහා අවම වශයෙන් සති 06ක කාලයක් ගත වනු ඇත. එකි ක්‍රියාදාමය ප්‍රතිපලය දැකීමට තවත් මාසයක කාලයක් ගතවන බව එම පක්ෂ එම ලිපියෙන් වැඩිදුරටත් කරුණු දක්වා ඇත.

එම යෝජනාවලිය ප්‍රධාන කරුණු 7ක් ඇතුළත්ව සකස් කර ඇති අතර, ඉන් ලබාගැනීමට අපේක්ෂිත ප්‍රධාන ඵල 4කි.

අපේ ජනබල පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංෂික පෙරමුණ, ලංකා සමසමාජ පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ජාතික කොංග්‍රසය, එක්සත් මහජන පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ශ්‍රී ලංකා මහජන පක්ෂය හා යුතුකම ජාතික සංවිධානය යන පක්ෂයන් හි නායකයන් විසින් අදාළ යෝජනාවලියට අත්සන් තබා තිබේ.

(Aruna)