Leader of the Opposition Sajith Premadasa today urged the government to conduct provincial council and the local government elections which are due early next year without any delay.
ජාතික පුවත් පත් කිහිපයක ඇතුළුව අන්තර්ජාල පුවත් අඩවි වල තමා සුළු පක්ෂ වලට ආණ්ඩුවෙන් යන බවට පලවන පුවත් සම්බන්ධයෙන් ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතා කළ වැඩසටහනකට සහභාගි වෙමින් අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියේ තමා ප්‍රකාශ කළ කරුණු මාධ්‍යය විසින් විකෘති කර ඇති බවයි.
තමාගේ මැදිහත්වීමෙන් මඩකළපුව ප්‍රදේශයේ වැලි ජාවාරම් සිදු කරන බවට එල්ල වන චෝදනා සම්පූර්ණයෙන් අසත්‍ය බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. වත්මන් ජනාධිපතිවරයා හෝ වත්මන් ආණ්ඩුව ජාවාරම්කරුවන්ගේ කටයුතුවලට කිසිදු සහයෝගයක් ලබා නොදෙන බවයි ඇමතිවරයා පවසන්නේ.
ශ්‍රී ලාංකේය ගීතයක් ජාත්‍යන්තරය තුළ ජනප්‍රිය වෙමින් වාදනය වීම ශ්‍රී ලාංකිකයින් ලෙස අපට ආඩම්බර විය හැකි කාරණයකි. විදෙස් රටවල ගීත, නිර්මාණ රසවිදීමට පුරුදුව සිටි අපට දැන් ශ්‍රී ලාංකික අනන්‍යතාවය සහිත අපේම ගීතයක් ලෝක ගීත දර්ශකයේ ඉහළටම යමින් විවිධ භාෂාවන් කතා කරන, විවිධ සංස්කෘතීන් තුළ ජීවත්වන රසිකයින්ගේ හදවත් දිනාගැනීමට හැකිවීම කෙතරම් භාග්‍යයක්ද... එවැනි හපන්කමක්, දක්ෂකමක් එක්කල නව පරපුරේ ගායන ශිල්පිණී යොහානී ද සිල්වා රටට, තරුණ පරපුරට, කලා ක්ෂේත්‍රයට ආදර්ශයක් මෙන්ම අභිමානයක් බව සදහන් කළ යුතුය. එබැවින් ඇය වෙත පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය වෙනුවෙන් මාගේ සුබපැතුම් එක්කරමි.
කෙරවලපිටිය විදුලි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට පවරා දීමේ ගිවිසුම වළක්වා ගැනීමට නොහැකි වුණේ තමන් ඇතුළු කුඩා පක්ෂවලට ආණ්ඩුව තුළ ප්‍රමාණවත් බලයක් නොතිබුණු නිසා බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.
UNP Leader Ranil Wickremesinghe says that economic recovery based on a resurgence of the tourism industry will lead to uncertainty.
වර්තමානයේ ජනතාවට අවශ්‍ය වන්නේ පෝලිම් යුගය පැවති රාජ්‍ය ඒකාධිකාරී තත්ත්වයක් නොව ජනතාවගේ අවශ්‍යතා ඉටුකළ හැකි, ධනවාදී අරමුණු වෙනස්කර දමන දේශපාලන ක්‍රමයක් බවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේය.
2022 අයවැය සඳහා යෝජනා ලබාගැනීමට "ගමට අයවැය" නමින් පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ ක්‍රියාකාරීන්ගේ රැස්වීම් මාලාවේ දෙහිඅත්තකණ්ඩිය රැස්වීම ඊයේ (26) දෙහිඅත්තකණ්ඩිය නාගරික උද්‍යානයේදී පැවැත්වුණු අතර රැස්වීමෙන් අනතුරුව දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන් සහ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා අතර බහින්බස්වීමක් ඇතිවිය.
රටේ ඩොලර් හිඟයක් පවතින අතර එය අපට පමණක් නොව මුළු ලෝකයේම බලපා ඇති ප්‍රශ්නයක් බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.
රටේ නව ආරක ඉඩම් මංකොල්ලයක් සිදුවෙමින් පවතින බවත්, එහි ගොදුරක් බවට පානම ප්‍රදේශය පත්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායකයා මේ බව පැවසුවේ පානම රාගම්වෙල ගම්මානයේ ඉඩම් මංකොල්ලයක් සම්බන්ධයෙන් සැලවීමත් සමග ඒ පිළිබඳව සොයා බැලීමට පානම ශ්‍රී බෝධිරුක්ඛාරාමයට පැමිණි අවස්ථාවේදීය.
ඩීසල් ආනයනය සඳහා මුදල් ගෙවීමට තිබූ අපහසුතා හේතුවෙන් ආණ්ඩුව ලොක්ඩවුන් රෙගුලාසි ලිහිල් කිරීමට ප්‍රමාද වූ බව තමන්ට දැනගන්නට ලැබුණු බව එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ජාතික සම්පත් කුණු කොල්ලයට විකුණා දමමින් රජය ගෙනයන දේශද්‍රෝහී වැඩපිළිවෙලට එරෙහිව ඉදිරියේදී ජනතාව පෙරටු කරගෙන මහපාරේ අරගලය ආරම්භ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඖෂධ නිෂ්පාදනය, නියාමනය සහ සැපයුම් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ, ජාතික ඖෂධ නියාමන අධිකාරිය අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය රසිත විජේවන්ත යන මහත්වරු එම තනතුරුවලින් ඉවත් කිරීම සඳහා කුමන්ත්‍රණයක් දියත්ව ඇත.
පළාත් පාලන මැතිවරණය තවත් වසරකින් කල් දැමීම සම්බන්ධයෙන් රජයේ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී තිබේ.
Page 237 of 544