Sunday, January 11, 2026
Follow Us
වයස 60 ඉක්මවූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තෙවැනි කොවිඩ් එන්නත් මාත්‍රාවක්

වයස අවුරුදු 60 ඉක්මවූ සහ විවිධ සංකූලතාවලින් හා නිදන්ගත රෝගවලින් පෙළෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා තෙවැනි කොවිඩ් එන්නත් මාත්‍රාවක් ලබාදීමට තීරණය කර තිබේ.

මෙසේ තෙවැනි මාත්‍රාව වශයෙන් ලබාදීමට නියමිතව ඇත්තේ ෆයිසර් එන්නතය.

ඒ අනුව නොවැම්බර් 08 වනදා සිට 12 වනදා දක්වා පෙරවරු 09.00 - පස්වරු 02.00 අතර කාලය තුළ මන්ත්‍රීවරුන් සඳහා මෙම එන්නත්කරණය සිදුකෙරෙනු ඇත.

(LNW)