Sunday, January 11, 2026
Follow Us
බැසිල්ගේ මන්ත්‍රී ධුරය බලරහිත කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රීට් පෙත්සමක්

බැසිල් රාජපක්ෂ මහතාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්කිරීම බලරහිත කරන ලෙස ඉල්ලමින් උලපනේ සුමංගල හිමි ඇතුළු තිදෙනෙකු විසින් අභියාචනාධිකරණය හමුවේ රීට් පෙත්සමක් ගොනුකර තිබේ.

පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා, පාර්ලිමේන්තු මහලේකම්වරයා සහ නීතිපතිවරයාව නම් කර ඇත.

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙහි දිවුරුම් දෙනු ලැබුවේ ද්විත්ව පුරවැසියෙකු වශයෙන් වීම පදනම් කරගෙන මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති බවයි උලපනේ සුමංගල හිමියන් ඊයේ (05) මාධ්‍ය වෙත පැවසුවේ.

(LNW)