Wednesday, July 09, 2025
Follow Us
පළාත් පාලන මැතිවරණය වසරකින් කල්යන ලකුණු !

ලබන වසරේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය වසරකින් කල්දැමීමට ආණ්ඩුවේ නායකයන් තීරණය කර ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් පොදුජන පෙරමුණට බලය හිමි පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් දැනුවත් කර තිබෙනවා.

නාඋල ප්‍රාදේශීය සභාවේ සභාපති සනත් දිසානායක මහතා ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම අමතමින් සඳහන් කර තිබෙන්නේ මැතිවරණය වසරකින් කල්දැමීමට ආණ්ඩුව සූදානමින් සිටින බවයි.

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් පළාත් පාලන ආයතන මගින් සිදුවන ජනතා සේවය වසරකට වැඩි කාලයක් තිස්සේ අක්‍රියව පැවති අතර ඒ අනුව ඉදිරියේදී ජනතාවට උපරිම සේවයක් සිදුකළ යුතු බවද සභාපතිවරයා පවසා තිබෙනවා.

පසුගිය යහපාලන රජය සමයේදී පළාත් පාලන ආයතනවල නිළ කාලය සම්පූර්ණවීමෙන් පසු වසර කිහිපයක් තිස්සේ මැතිවරණය පැවැත්වීමට නොහැකි වූ අතර මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමෙන් පසු 2018 වසරේ පෙබරවාරි මාසයේදී මැතිවරණය පැවැත්විණි.

(LNW)