මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර ඇති ලිත් නඩුව තවදුරටත් පවත්වාගෙන යනවාද නැද්ද යන්න පිළිබඳව නොවැම්බර් 11 වැනිදා වනවිට තීරණය කරන බව නීතිපතිවරයා අධිකරණය දන්වා තිබෙනවා.
කොළඹ මහාධිකරණයේදී මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා මේ බව දන්වා තිබේ.
2015 වසරේ ජනාධිපතිවරණ සමයේදී මහජන මුදල් භාවිතා කරමින් ලිත් මුද්‍රණය කර බෙදාහැරීම හරහා මහජන මුදල් අවභාවිතා කර ඇති බවට චෝදනා නගමින් මෙම නඩුව ගොනුකර තිබේ.
(LNW)