Sunday, January 11, 2026
Follow Us
නුවර එළියේ ගොවීන් ඇමති සී.බී.ගේ රථයට හූ කියා පන්නයි. පාදෙනියටත් හොඳටම බැණුම්

නුවර එළිය, මීපිලිමාන ප්‍රදේශයේ ඊයේ (05) පැවති ගොවි උද්ඝෝෂණයක් අසලින් යෑමට පැමිණි රාජ්‍ය අමාත්‍ය සී.බී. රත්නායක මහතාට අයත් රථයකට හූ කියා පළවාහැරීමට එම උද්ඝෝෂණයේ නියුතු ගොවීන් කටයුතු කරන ආකාරය දක්නට ලැබිණි.

එම ප්‍රදේශයේ මාර්ගයක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගී වීම සඳහා අමාත්‍යවරයා එහි පැමිණීමට නියමිතව තිබුණත් ඊටත් නොපැමිණ අමාත්‍යවරයා පැනගිය බව පැවසූ ගොවීන්ගෙන් ආණ්ඩුවට සහ අමාත්‍යවරයාට එල්ල වුණේ දැඩි විරෝධයකි.

එසේම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙනිය මහතාගේ ප්‍රකාශයකට ද ගොවීන්ගේ තදබල විරෝධය එල්ල විය.

(LNW)