Tuesday, July 08, 2025
Follow Us
සල්ලි තිබුණත් බඩු නැහැ. රට වැටුණු තැනක් - SJB

සල්ලි තිබුණත් මේ වන විට බඩු නැති තත්ත්වයට පත්ව තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පැවසුවේය.

ඒ, අද (05) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

භාණ්ඩ මිලදී ගැනීමේ පෝලිම් වලට වඩා දන රට අතහැර යාමට පෝලිම් වැඩි වී තිබෙන අතර එමඟින් ආණ්ඩුව ගැන ඇති විශ්වාසය සම්පූර්ණයෙන් කඩා වැටී ඇති බව පෙනෙන්නට ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

''සල්ලි තිබුණාත් බඩු නැහැ. ලංකාව වටේම තිබුණ ගෑස් පෝලිම් බැලුවනම් ඒක පේනවා. දැන් එතනට රට ඇවිත් තියෙන්නේ. මම ඒක පැහැදිලි කළේ ආණ්ඩුවට වෙලා තියෙන වැඩේ. ඒ නිසා තමයි ඔය මිල අයින් කරගෙන යන්නේ. මිල ඉහළ යන එක එක ප්‍රශ්නයක්. ඊට වඩා අර්බුදයක් ඇති වෙනවා බඩු නැත්නම්. ආහාර ද්‍රව්‍ය එහෙම අඩු වුණොත් හිතල බලන්න පුළුවන් ඇතිවෙන්න යන ප්‍රශ්නය. මට කියන්න පෝළිමක් නැති තැනක්. ගෑස් පෝලිම, භූමි තෙල් පෝලිම, කිරි පෝලිම. දැන් අන්තිමට තියෙන පෝලිම මොකක්ද මේ රට අතහැරලා යන පෝලිම. පාස්පෝර්ට් ගන්න දහස් ගණනින්. මම හිතුව කොළඹ විතරයි කියල. දකුණේත් තියෙනවා කාර්යාලයක්. එතනත් විශාල පෝලිමක්. මේකෙන් පේනවා නේද ආණ්ඩුව ගැන තියල තියෙන විශ්වාසය සම්පූර්ණයෙන් කඩා වැටිලා තියෙන්නේ කියල. තරුණ පරපුර විශේෂයෙන්ම හිතනවා මෙහෙ ඉඳල හරියන්නේ නැහැ පිටරට ගිහිල්ලවත් අපට හොඳ අනාගතයක් හදාගන්න පුළුවන් කියල. ඔන්න ඉතින් වෙලා තියෙන වැඩේ.'' යනුවෙන් එහිදී තවදුරටත් මන්ත්‍රීවරයා කරුණු දක්වන ලදී.

(LNW)