තුනෙන් දෙකේ බහුතර බලයකින් ආණ්ඩු අයවැය සම්මත කර ගත්තත් පාර්ලිමේන්තුවෙන් පිටත ජනතාව ඉදිරියේ දී මේ බලය උරගා බලන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවට අභියෝග කළේය.
විදෙස්ගත ශ්‍රමිකයින් සහ අපනයනකරුවන් මෙරටට එවන විදේශ මුදල් ශ්‍රී ලංකා මහබැංකුව බලහත්කාරයෙන් පරිවර්තනය කරන්නේ කෙසේදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි.
පොළොන්නරුව ප්‍රදේශයේ පැවති වැඩසටහනකදී කුරාණයට අපහාස කල බවට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව පවරා තිබුණු නඩුවෙන් උන්වහන්සේ නිදහස් කර තිබේ.
යම් ගිවිසුමක් අත්සන් කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත්නම් එම ගිවිසුමේ අඩංගු සෑම කරුණක්ම සම්බන්ධයෙන් සෑම අමාත්‍යවරයෙකුම සොයාබැලීමක් හෝ එහි සෑම කරුණක්ම කියවා බැලීමක් අවශ්‍ය නොවන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
2022 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය සටහන් කර තිබෙනවා. ඒ ඊයේ රාත්‍රීයේදීයි. කතානායකවරයා සිය සහතිකය සටහන් කිරීමත් සමග 2021 අංක 30 දරණ විසර්ජන පනත ඊයේ සිට බලාත්මක වනවා.
The economic crisis in Sri Lanka has got worse while the government has fallen out with both China and India, UNP Deputy Leader Ruwan Wijewardene said. Mr. Wijewardene made this remark at a meeting he had with party activists yesterday.
ජනාධිපතිවරයා මේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පාලනයත් හමුදාපතිවරයාටම පැවරීමට උත්සාහ කරන ආකාරයක් පෙන්නුම් කෙරෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.
යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකානු සමාගමකට පැවරීමට අදාල ගිවිසුම සම්බන්ධයෙන් ඉදිරියේදී විවෘත සාකච්ඡාවකට යා හැකි බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසනවා.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නීති විද්‍යාලයට ඇතුලත්වීම සහ නීති විභාගය සමත්වීම නියමිත ක්‍රමවේදයට අනුව සිදුවූ බව ඔහුගේ සමකාලීනයෙකුවූ ජනාධිපති නීතීඥ ඩබ්ලිව් දයාරත්න පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවේදී ඉකුත්දා පළ කළ අදහසකට ප්‍රතිචාර දක්වමින්.
අයවැයට පක්ෂව ඡන්දය ලබා දුන් සමගි ජන බලවේගය සමග සන්ධාන ගත පක්ෂවල මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස අදාල පක්ෂවලට දැනුම් දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා.
පළාත් පාලන ඡන්ද විමසීම එළඹෙන මාර්තු 20 ට පෙර පැවැත්විය යුතු වනවා. ඒ සදහා පෙර සූදානමක් ලෙස අවශ්‍ය මූලික කටයුතු මේ වනවිට සොයා බලමින් සිටින බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ. කෙසේවෙතත් පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීමේ බලය විෂය භාර අමාත්‍යවරයා සතු බවද එම කොමිසම සභාපති නීතිඥ නිමල් ජී පුංචිහේවා නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කියා සිටියා.
අයවැය 3 වන වර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වෙනවා. ඒ අනුව අයවැය කාරක සභා අවස්ථා විවාදයේ අවසන් දිනය වන අද දිනයේ විවාදයට ගැනෙන්නේ ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය අමාත්‍යාංශ දෙකේ වැය ශීර්ෂයි. අයවැය 3 වන වර කියවීමේ ඡන්ද විමසීම සවස 5 ට පැවැත්වීමට නියමිතව තිබෙනවා.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වගකිවයුතු බවටත් ඒ අනුව ඒ මහතාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගතයුතු බවටත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පසුගියදා සිදුකළ ප්‍රකාශයක් පිළිබඳව වහාම විමර්ශනයක් ආරම්භ කරන්නැයි ඉල්ලමින් කතෝලික සභාවේ ජන සන්නිවේදන අධ්‍යක්ෂ සහ මාධ්‍ය සම්බන්ධීකාරක ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා ඊයේ (10) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළේය.
ආන්දෝලනයට තුඩු දී තිබෙන කෙරවලපිටිය යුගදනවි ගිවිසුම අද (10) ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
A writ petition filed by former Prime Minister Ranil Wickremasinghe seeking an order to stay the operation of finding and recommendations of the Presidential Commission of Inquiry appointed to probe incidents of political victimization has been fixed for support by the Court of Appeal.
තමන් සමාජය තුළ සඳක් සේ බබළමින් වැජඹෙන නිසා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා තමන්ට ඊර්ෂ්‍යා කරන බවත් ඒ ඊර්ෂ්‍යාව දැන් වෛරයකට පෙරළී ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි.
මේ වන විට පවතින ආර්ථික අහේනිය,විදේශ විනිමය ප්‍රශ්න 2009 කාලය වන විට ඉහටත් උඩින් පැවති නමුත් 2009 සිට 2014 කාලය යනු රටේ ඉතා වේගයෙන් ආර්ථික සංවර්ධනයක් ඇති වූ කාලයක් වන හෙයින් වර්තමානයේ පවතින ප්‍රශ්න ද විසඳා ගත හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා පැවසුවේය.
රටේ දේශපාලනයෙහි නියුතු අය අතරින් අවංක, දූෂණයෙන් තොර, වංචා නොකරන, රටට ආදරය කරන පිරිස්වල පුළුල් ශක්තිමත් බලවේගයක් සකස් කරගෙන, ඒ තුළින් රටේ අනාගතය සඳහා ක්‍රියා කළයුතු අවස්ථාවක් එළඹ ඇති බව හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Page 219 of 552