Friday, January 02, 2026
Follow Us
රට ගොඩගන්න ජවිපෙ ඇතුළු සියලු බලවේග එක්විය යුතුයි

රට ගොඩනැගීම සඳහා ජනතා විමුකිත් පෙරමුණ ඇතුළු විපක්ෂයේ සියලු බලවේග සමග එක්ව කටයුතු කිරීමට සූදානම් බව සමගි ජනබලවේගය පවසනවා.

එම පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මේ බව කියා සිටියේ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.

විදේශ රටවල් සමග යහපත් සබඳතා ගොඩනගා ගැනීමට ආණ්ඩුවට නොහැකිවීම පවතින ආර්ථික අර්බුදයට එක් හේතුවක් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක් අබේසිංහ මෙහිදී කියා සිටියේ.

(Neth)