Friday, January 02, 2026
Follow Us
රවී, බිරිඳ සහ දියණිය ඇප මත නිදහස් ...

හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා විසින් ගොනු කරන ලද නඩුවකට අදාළව හිටපු අමාත්‍ය රවී කරුණානායක, ඔහුගේ බිරිඳ වන මෙලා කරුණානායක සහ ඔවුන්ගේ දියණිය වන ඔනෙලා කරුණානායක යන අය ඇප මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ අද (22) නියම කර තිබේ.

ඒ, වැල්ලවත්ත ප්‍රදේශයේ නිවසකට අනවසරයෙන් කඩාවැදී එම දේපළ පවරාගත් බවට වන චෝදනාවකට අදාළව ය.

අසාද් සාලි මහතා රක්ෂිත බන්ධනාගාරගතව සිටි සමයේදී ඔහුගේ බිරිඳ විසින් වැල්ලවත්ත පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම නඩුව ගොනු කර ඇති බව සඳහන්.

(LNW)