Friday, January 02, 2026
Follow Us
IMF ගියොත් රාජ්‍ය සේවකයො ඉවත් කරන්න වෙනවා - අකිල එල්ලාවල

ඛනිජ තෙල් මිල යළිත් ඉහළ දැමීමට සිදුවීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස අතිශය කණගාටුවට පත්වන බව පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල මහතා පවසනවා. කෙසේ නමුත් මිල ඉහළ දැමීම හැර වෙනත් විකල්පයක් නොමැති බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

ජනතාවට දරාගත නොහැකි මට්ටමට ඉන්ධන මිල ඉහළ දමා ඇති බවට විපක්ෂය චෝදනා එල්ල කළද තවමත් දකුණු ආසියාවේ අඩුම ඉන්ධන මිල පවතින්නේ මෙරට තුළ බවද එල්ලාවල මහතා සඳහන් කරනවා.

මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හමුවට යායුතු බවට යෝජනා කරන බොහෝදෙනා, එසේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හමුවට ගියවිට ඔවුන් ඉදිරිපත් කරන කොන්දේසි පිළිබඳව කිසිවක් නොපවසන බව අකිල එල්ලාවල මහතා පෙන්වා දෙනවා. IMF ණය ලබා ගතහොත් රාජ්‍ය සේවකයන් අඩු කිරීම වැනි කොන්දේසිවලට එකඟ වීමට සිදුවන බවත්, රාජ්‍ය සේවය දුර්වල කිරීම වැනි කොන්දේසි සඳහා එකඟ වී ණය ලබා ගැනීමට වත්මන් ආණ්ඩුව කිසිසේත්ම කටයුතු නොකරන බවත් ඔහු පවසනවා.

IMF හමුවට යාම ප්‍රතික්ෂේප කරන්නේ රාජ්‍ය සේවකයන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් බවද ඔහු පවසයි.

(LNW)