Friday, January 02, 2026
Follow Us
 මංගලගේ මිල සූත්‍රය තිබුණා නම් මෙහෙම වෙන්නේ නැහැ - දයාසිරි

පසුගිය ආණ්ඩුව සමයේ තෙල් මිල පාලනය සඳහා මංගල සමරවීර අමාත්‍යවරයා විසින් ගෙන ආ මිල සූත්‍රය පැවතියේ නම් අද දවස වන විට ඉන්ධන මිල සම්බන්ධයෙන් මතුව තිබෙන ප්‍රශ්න සහගත තත්ත්වය ඇති නොවන බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඉන්ධන මිල වැඩි කිරීම සදහා අවස්ථාව තිබුණු මොහොතේ එය සිදුනොකර ලෝක වෙළෙඳපොළේ තෙල් බැරලයක මිල පහළ යන මොහොතක රට තුළ තෙල් මිල ඉහළ යාමෙන් එහි දෝෂාරෝපණය ආණ්ඩුවට එල්ල වෙන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

තෙල් මිල සම්බන්ධයෙන් මතුවන ප්‍රශ්නකාරී තත්ත්වයට හොඳම විසඳුම මිල සූත්‍රය බව මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

(LNW)