Friday, January 02, 2026
Follow Us
කොළඹ සරසවි සිසුන් කළ දේ හරියටම හරි - CBK

කොළඹ විශ්වවිද්‍යාල උපාධි ප්‍රදානෝත්සවයේදී සිසුන් සිදුකළ විරෝධය ඉතා නිවැරදි බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා. ප්‍රජාතන්ත්‍රවාදී රටක ආණ්ඩුවක් ගන්නා වැරදි තීන්දු තීරණවලට ප්‍රජාතන්ත්‍රවාදී ලෙස විරෝධය පළකිරීමේ අයිතිය ජනතාව සතු බවත් එදා තරුණ තරුණියන් භාවිතා කළ එම අයිතිය බවත් ඇය පෙන්වා දෙනවා.

රටේ සියලු ජනතාව එකා මෙන් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා කැපවිය යුතු බවත් රටේ වත්මන් තරුණ පරපුර ඒ සඳහා ඉදිරිපත් වන බව මෙවැනි අවස්ථාවලින් පෙනී යන බවත් හිටපු ජනාධිපතිවරිය සඳහන් කරනවා.

(LNW)