Sunday, February 22, 2026
Follow Us
Political

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විදේශගත වී තිබෙනවා. නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේ අද අලුයම 02 යි 55 ට කටුනායක ගුවන් තොටුපළින් පිටත්වූ එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් අමාත්‍යවරයා ඩුබායි බලා පිටත්ව ගිය බවයි.

Political

රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ විකල්පයක් වශයෙන් මේ මොහොතේ හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග සාකච්ඡා කර ඉදිරි කටයුතු සිදුකළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

Political

Referring to reports which said that a special cabinet meeting has been summoned today to decide whether the government should seek IMF assistance to get out of the economic crisis, SJB MP Harsha de Silva said it is too late for it without a restructuring of debts. “Restructuring of debts is a must. Government should first announce a temporary suspension on debts and should look for ways and means which will minimize the suffering of people, ”dr de Silva told a joint press conference he had with MP Eran Wickramaratne. “Government should have sought IMF assistance months ago when we suggested it,” he added. He said Sri Lanka’s debt services for the next six weeks is $ 1440 million which includes payments in relation to development, sovereign bonds, and other obligations which include $ 200 million development bonds and several other obligations. In addition, the SJB MP said the annualized yield of international sovereign bonds had risen to more than 180 percent. “Who would purchase sovereign bonds at such a rate?” he questioned. The MP said his party is willing to support the government to resolve the economic crisis for the sake of the people. (Daily Mirror)

Political

කැබිනට් මණ්ඩලයට තවමත් නිළ වශයෙන් ඉදිරිපත් නොවූ බව කියන යුගදනවි ගිවිසුමේ පිටපත් කිහිපයක් කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් කිහිපදෙනෙක් සතුව පවතින බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

Political

පාර්ලිමේන්තුවේ කටයුතු වාර අවසාන කිරීමට ජනාධිපතිවරයා තීරණය කිරීම හේතුවෙන්, පාර්ලිමේන්තුවේ කාරක සභා රැසක් අහෝසි වී තිබෙනවා. පොදු ව්‍යාපාර කාරක සභාව (COPE), පොදු ගිණුම් කාරක සභාව (COPA) යන ප්‍රධාන කාරක සභාවල කාලසීමාවද අහෝසි වේ.

Political

ඌව පළාත් මහ ඇමති ධුරය දරණ සමයේ 2018 වසරේදී බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනියට තර්ජනය කර ඇයව දණගැස්වීමේ සිදුවීමක් සම්බන්ධයෙන් වත්මන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව ගොනුකර තිබුණු නඩුව, දෙපාර්ශ්වය සමථයකට පත්ව අවසන් කර තිබේ.

Political

සියලු ප්‍රශ්න රජය සහ දේශපාලනඥයින්ට නොපටවා රට ගොඩනැඟීම සඳහා ජනතාවත් කැපකිරීම් කළයුතු බවත් ජපානය, කොරියාව වැනි රටවල් දියුණු වුණේ ඒ ආකාරයෙන් බවත් රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පවසයි.

Political

වසර 04 ක බරපතල වැඩ සහිත සිරදඬුවම් විඳින, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නිදහස් කරන්නැයි ඉල්ලා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් පිරිසක් ඊයේ (12) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ කාර්යාලය ඉදිරිපිට උද්ගෝෂණයක නිරත විය.

Political

දුම්වැටිවල දිග ප්‍රමාණය මත බදු අයකිරීම සදහා රජයට ගත් තීරණය තුළ මිලි මීටර් 60 ට අඩු දුම්වැටි වල මිළ අඩුවී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ පවසනවා. ඔහු ප්‍රකාශ කරන්නේ බදු සංශෝධනයට පෙර රුපියල් 20 ක් වූ එම දුම්වැටි දැන් රුපියල් 10 ක් වී ඇති බවයි.

Political

National Movement for Social Justice (NMSJ) Chairman and former Speaker Karu Jayasuriya yesterday said the Government must take immediate measures to reveal the controversial agreement signed with New Fortress Energy Inc. in order to protect public trust.

Political

13 වෙනි සංශෝධනයෙන් ඔබ්බට ගිය බලය බෙදීමේ අවශ්‍යතාව තවදුරටත් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පැවසුවේය.

Political

තමන් යළිත් වරක් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට අපේක්ෂා නොකරන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි පවසනවා.

Political

Prime Minister Mahinda Rajapaksa is scheduled to hold a special meeting today morning at Temple Trees with senior members and Ministers of the ruling Sri Lanka Podujana Peramuna-led coalition.

Political

රාජා කොල්ලුරේ මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ වයඹ පළාත් ආණ්ඩුකාර ධුරය සඳහා කොමියුනිස්ට් පක්ෂයේ නායකයෙකු වන ඩිව් ගුණසේකර මහතා පත් කළ යුතුව තිබූ බව පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා.

Political

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සම්පූර්ණයෙන් වගකිව යුතු බවට තමන් කර ඇති ප්‍රකාශ පිළිබඳව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හෝ අධිකරණය ඉදිරියේ කරුණු දැක්වීමට සූදානම් බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා. එය සමාජ වගකීමක් ලෙස තමා දකින බවයි නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ.

Political

පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය සම්බන්ධයෙන් කිසිවෙකුත් කලබලවීමට අවශ්‍ය නොවන බව විදේශ අමාත්‍ය, මහාචාර්ය ජී.ඇල්. පීරිස් මහතා පවසනවා. සැසිවාරය අවසන් කිරීමට ජනාධිපතිවරයා තීරණය කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවෙන් ඔහුට පැවරී ඇති බලතල අනුව බවත්, පාර්ලිමේන්තුව කැඳවීමට, විසුරුවා හැරීමට මෙන්ම සැසිවාරය අවසන් කිරීමටද ජනාධිපතිවරයාට බලය තිබෙන බවත් ඇමතිවරයා පෙන්වා දෙනවා.

Political

කිසිදු හිඟයකින් තොරව ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීමේ වගකීම තමන් භාරගෙන ඇති බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Political

Sri Lanka Podujana Peramuna (SLPP) MP - Geetha Kumarasinghe says that she is currently undergoing treatment for stress due to worrying after losing her ministerial portfolio.