Friday, January 02, 2026
Follow Us
Political

පාර්ලිමේන්තුවේ කටයුතු වාර අවසාන කිරීමට ජනාධිපතිවරයා තීරණය කිරීම හේතුවෙන්, පාර්ලිමේන්තුවේ කාරක සභා රැසක් අහෝසි වී තිබෙනවා. පොදු ව්‍යාපාර කාරක සභාව (COPE), පොදු ගිණුම් කාරක සභාව (COPA) යන ප්‍රධාන කාරක සභාවල කාලසීමාවද අහෝසි වේ.

Political

ඌව පළාත් මහ ඇමති ධුරය දරණ සමයේ 2018 වසරේදී බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනියට තර්ජනය කර ඇයව දණගැස්වීමේ සිදුවීමක් සම්බන්ධයෙන් වත්මන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව ගොනුකර තිබුණු නඩුව, දෙපාර්ශ්වය සමථයකට පත්ව අවසන් කර තිබේ.

Political

යම් ගිවිසුමක් අත්සන් කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත්නම් එම ගිවිසුමේ අඩංගු සෑම කරුණක්ම සම්බන්ධයෙන් සෑම අමාත්‍යවරයෙකුම සොයාබැලීමක් හෝ එහි සෑම කරුණක්ම කියවා බැලීමක් අවශ්‍ය නොවන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

Political

වසර 04 ක බරපතල වැඩ සහිත සිරදඬුවම් විඳින, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නිදහස් කරන්නැයි ඉල්ලා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් පිරිසක් ඊයේ (12) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ කාර්යාලය ඉදිරිපිට උද්ගෝෂණයක නිරත විය.

Political

දුම්වැටිවල දිග ප්‍රමාණය මත බදු අයකිරීම සදහා රජයට ගත් තීරණය තුළ මිලි මීටර් 60 ට අඩු දුම්වැටි වල මිළ අඩුවී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ පවසනවා. ඔහු ප්‍රකාශ කරන්නේ බදු සංශෝධනයට පෙර රුපියල් 20 ක් වූ එම දුම්වැටි දැන් රුපියල් 10 ක් වී ඇති බවයි.

Political

ජනාධිපතිවරයා මේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පාලනයත් හමුදාපතිවරයාටම පැවරීමට උත්සාහ කරන ආකාරයක් පෙන්නුම් කෙරෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

Political

13 වෙනි සංශෝධනයෙන් ඔබ්බට ගිය බලය බෙදීමේ අවශ්‍යතාව තවදුරටත් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පැවසුවේය.

Political

තමන් යළිත් වරක් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට අපේක්ෂා නොකරන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි පවසනවා.

Political

අයවැයට පක්ෂව ඡන්දය ලබා දුන් සමගි ජන බලවේගය සමග සන්ධාන ගත පක්ෂවල මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස අදාල පක්ෂවලට දැනුම් දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා.

Political

රාජා කොල්ලුරේ මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ වයඹ පළාත් ආණ්ඩුකාර ධුරය සඳහා කොමියුනිස්ට් පක්ෂයේ නායකයෙකු වන ඩිව් ගුණසේකර මහතා පත් කළ යුතුව තිබූ බව පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා.

Political

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සම්පූර්ණයෙන් වගකිව යුතු බවට තමන් කර ඇති ප්‍රකාශ පිළිබඳව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හෝ අධිකරණය ඉදිරියේ කරුණු දැක්වීමට සූදානම් බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා. එය සමාජ වගකීමක් ලෙස තමා දකින බවයි නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ.

Political

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වගකිවයුතු බවටත් ඒ අනුව ඒ මහතාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගතයුතු බවටත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පසුගියදා සිදුකළ ප්‍රකාශයක් පිළිබඳව වහාම විමර්ශනයක් ආරම්භ කරන්නැයි ඉල්ලමින් කතෝලික සභාවේ ජන සන්නිවේදන අධ්‍යක්ෂ සහ මාධ්‍ය සම්බන්ධීකාරක ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා ඊයේ (10) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළේය.

Political

කිසිදු හිඟයකින් තොරව ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීමේ වගකීම තමන් භාරගෙන ඇති බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Political

Sri Lanka Podujana Peramuna (SLPP) MP - Geetha Kumarasinghe says that she is currently undergoing treatment for stress due to worrying after losing her ministerial portfolio.

Political

තමන් සමාජය තුළ සඳක් සේ බබළමින් වැජඹෙන නිසා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා තමන්ට ඊර්ෂ්‍යා කරන බවත් ඒ ඊර්ෂ්‍යාව දැන් වෛරයකට පෙරළී ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි.

Political

Referring to reports which said that a special cabinet meeting has been summoned today to decide whether the government should seek IMF assistance to get out of the economic crisis, SJB MP Harsha de Silva said it is too late for it without a restructuring of debts. “Restructuring of debts is a must. Government should first announce a temporary suspension on debts and should look for ways and means which will minimize the suffering of people, ”dr de Silva told a joint press conference he had with MP Eran Wickramaratne. “Government should have sought IMF assistance months ago when we suggested it,” he added. He said Sri Lanka’s debt services for the next six weeks is $ 1440 million which includes payments in relation to development, sovereign bonds, and other obligations which include $ 200 million development bonds and several other obligations. In addition, the SJB MP said the annualized yield of international sovereign bonds had risen to more than 180 percent. “Who would purchase sovereign bonds at such a rate?” he questioned. The MP said his party is willing to support the government to resolve the economic crisis for the sake of the people. (Daily Mirror)

Political

තුනෙන් දෙකේ බහුතර බලයකින් ආණ්ඩු අයවැය සම්මත කර ගත්තත් පාර්ලිමේන්තුවෙන් පිටත ජනතාව ඉදිරියේ දී මේ බලය උරගා බලන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවට අභියෝග කළේය.

Political

විදෙස්ගත ශ්‍රමිකයින් සහ අපනයනකරුවන් මෙරටට එවන විදේශ මුදල් ශ්‍රී ලංකා මහබැංකුව බලහත්කාරයෙන් පරිවර්තනය කරන්නේ කෙසේදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි.