Sunday, February 22, 2026
Follow Us
Political

ප්‍රශ්නගත චීන පොහොර නැවට සත පහක්වත් නොගෙවිය යුතු බව හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Political

හිටිගමන් පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීම පිටුපස සැඟවුණු න්‍යාය පත්‍රයක් ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Political

චීන කාබනික පොහොර මෙරටට ගෙන්වීමේදී වරද සිදුකළ පුද්ගලයන්ගෙන් එම සමාගමට ගෙවීමට තීරණය කළ මුදල අයකර ගත යුතු බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේර පවසනවා. නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් මත අමෙරිකානු ඩොලර් මිලියන 6 යි දශම 7 ක මුදලක් අදාළ සමාගමට ගෙවීමට රජය තීරණය කළා.

Political

LNG බලාගාරය සම්බන්ධ ගිවිසුමෙන් ජනතාවට සහනයක් ලැබෙන්නේ නම් කවුරු විරුද්ධ වුවත් එය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතු බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

Political

පෞද්ගලික සංචාරයක් සඳහා ඇමරිකාව බලා පිටව ගිය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ආපසු මෙරටට පැමිණෙනු ඇත්තේ ලබන වසරේ මුල සිදුකෙරෙන අමාත්‍ය මණ්ඩල සංශෝධනයකින් අනතුරුව බව ආරංචිමාර්ග පවසයි.

Political

ආණ්ඩුව පිපිරීමකින් තොරව එකතුමුව තබාගැනීම වගකීම ඇත්තේ ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ උපසභාපති මහින්ද අමරවීර මහතා පවසයි.

Political

දේශපාලනික කරුණු මත මැතිවරණ කල් දැමීමෙන් අසාධාරණයට ලක්වන්නේ ජනතාව බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම පක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක නෙත් නිවුස් සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් කියාසිටියේ පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීම ආණ්ඩුව ජනමතයට බියවී ගත් තීරණයක් බවයි.

Political

මීළඟ ජනාධිපතිවරණය සඳහා විශේෂිත කොන්දේසි යටතේ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ආරම්භ වී ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

Political

ප්‍රහාරයට පෙර ඒ ගැන තොරතුරු ලබාදීමට නොහැකි වීම ගැන තමන්ට සමාවන ලෙස එවකට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන තමන් වෙත පැවසූ බව හිටපු රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පැවසුවේය.

Political

ඩොලර් අර්බුදයක් පවතින අවස්ථාවක මැතිඇමතිවරුන් විදෙස් සංචාරවල නිරතවීම අනුමත කළ නොහැකි බව සමගි ජනබලවේගය පවසනවා. එම පක්‍ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පැවසුවේ විදෙස් සංචාරයක් සදහා සාමාන්‍යයෙන් අමාත්‍යවරයෙකුට අමෙරිකානු ඩොලර් 250 ක මුදලක් රජයෙන් ගෙවන බවයි.

Political

ඉදිරියේදී එළඹෙන තීරණාත්මක මොහොතකදී ආණ්ඩුවෙන් ඉවත් වීම සඳහා මැති ඇමතිවරුන් 41 දෙනෙකු මේ වනවිට ස්ථිරවම සිය කැමැත්ත පළකර ඇති බව වාර්තා වේ.

Political

Tamil United Liberation Front (TULF) Leader V. Anandasangari said the call for foreign intervention in the resolution of Sri Lanka’s problem is dangerous.

Political

Chief Government Whip and Highways Minister Johnston Fernando today urged the chairmen and top officials of the gas companies to come out of their hiding places and tell the people the truth about the prevailing crisis.

Political

2022 ජනවාරි පළමුවෙනිදා සිට මේ රටේ නිෂ්පාදන ආර්ථිකයෙහි විශාල වර්ධනයක් ආරම්භ වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි.

Political

රටේ ආර්ථික තත්වය සහ සංවර්ධන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩු පක්ෂයේ හදිසි රැස්වීමක් ඊයේ (14) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

Political

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි කටාන ප්‍රාදේශීය සභාවේ ද 2022 අයවැය යෝජනාව වැඩි ඡන්ද 8කින් පරාජයට පත්ව තිබේ.

Political

කුමන හෝ මැතිවරණයක් පවත්වා ජනමතය උරගා බැලීමට කාලය පැමිණ ඇති බව සමගි ජන බලවේගය පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පැවසුවේ පළාත් සභා මැතිවරණය හෝ පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට යම් නිතීමය සංශෝධනයක් අවශ්‍යනම් ඒ සඳහා සිය පක්ෂය සහය ලබා දීමට සූදානම් බවයි. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

Political

ආර්ථිකය මෙහෙයවන්නේ කොතැනින්ද යන්න සම්බන්ධයෙන් ආණ්ඩු පාර්ශ්වය නියෝජනය කරන මහජන නියෝජිතයෙකු ලෙස තමන්ද නොදන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසනවා. එපමණක් නොව ආණ්ඩුව මෙහෙයවන්නේ කවුද යන්න පවා තමන් නොදන්නා බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.