Friday, January 02, 2026
Follow Us
මහ බැංකු අධිපතිගේ වගකීමක් ගැන විපක්ෂයෙන් සිහි කැඳවීමක්

මෙරට විදේශ සංචිත ප්‍රමාණය වැඩිකර ගත් ආකාරය නොසගවා ප්‍රකාශ කිරීම මහ බැංකු අධිපතිවරයාගේ වගකීමක් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ මෙරට විදේශ සංචිත ප්‍රමාණය වැඩි වී ඇතිනම් වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත කන්ටේනර් නිදහස් කිරීම මෙන්ම රුපියලේ අගය ඉහළ යාම වැනි කරුණු කඩිනමින් ඉටුවිය යුතු බවයි.

විදේශ රටවලින් ණය ලබා ගැනීම පවතින විදේශ විනිමය අර්බුදයට විසඳුමක් නොවන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

(Neth)