Saturday, July 12, 2025
Follow Us
ජනවාරි මාසයේ සිදුවෙන කැබිනට් සංශෝධනය

2022 වසරේ ආරම්භයත් සමගම කැබිනට් මණ්ඩලයේ වෙනසක් සිදුවෙනු ඇති බවට නෙත් එෆ් එම් කනින් කොණින් වෙත වාර්තා වනවා. ඒ අනුව එළඹෙන ජනවාරි 8, 10 හෝ 18 යන දිනවලින් එකක මෙම වෙනස්කම සිදුවෙනු ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර රාජ්‍ය ආයතන රැසක ද සභාපතිවරුන් ඇතුළු ප්‍රධාන පෙලේ පුටු කිහිපයකම වෙනස්කම් සිදුවෙනු ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ලබන ජනවාරි මස 03 වෙනිදා ජනාධිපති ලේකම් ආචාර්ය පි.බි. ජයසුන්දර විශ්‍රාම යෑමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

(Neth)