Saturday, July 12, 2025
Follow Us
IMF යන්න ශ්‍රීලනිපයෙනුත් තල්ලුවක්

පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම අවස්ථාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබාගැනීමේ වරදක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේ්‍යෂ්ඨ උප සභාපති පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

පරිසර අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් මීළඟ කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කර තීරණයකට එළඹෙනු ඇති බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගැනීමේදී ඔවුන් ඉදිරිපත් කරන පිළිගත හැකි කොන්දේසි ක්‍රියාත්මක කිරීමටත්, එකඟවිය නොහැකි කොන්දේසි ප්‍රතික්ෂේප කිරීමටත් හැකියාවක් පවතින බවයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

(Neth)