Friday, January 02, 2026
Follow Us
ජනතා ගැටලුවලට විසදුම් නොලැබුණොත් රාජ්‍ය අමාත්‍යවරයෙකු තනතුරු අත්හැරීමට සැරසේ

ජනතා ගැටලුවලට කඩිනම් විසදුම් නොලැබෙන්නේ නම් තනතුරු අත්හැරීමට සූදානම් බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ මීගමුවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මුතුරාජවෙල තෙත් බිම පරිසර සංවේදී කළාපයක් ලෙස නම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය හේතුවෙන් එම ප්‍රදේශය ආශ්‍රිතව ජීවත් වන ජනතාව දැඩි පීඩාවට පත්ව සිටින බවයි එහිදී ප්‍රකාශ කෙරුණේ. ඒ අනුව අදාළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට රජය කටයුතු නොකළහොත් ඊට එරෙහිව ජනතාව සමඟ එක්ව සටන් කරන බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා එහිදී වැඩිදුරටත් සඳහන් කළා.

(Neth)