Friday, January 02, 2026
Follow Us
නව වසරේ අභියෝග ජය ගන්නේ කෙසේ ද? දේශපාලන පක්ෂවලට පැණයක්

උදාවූ නව වසරේ අභියෝග ජය ගැනීමට ඇති සැළසුම් කවරේදැයි නෙත් නිව්ස් ප්‍රධාන දේශපාලන පක්ෂවලින් විමසීමක් කලා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පැවසුවේ ජාතික ආර්ථිකය යළි ගොඩනැගීමේ කාර්යභාරයට ආණ්ඩුව සූදානම් බවයි.

රට මුහුණපා සිටින අර්බුදවලින් ගොඩ ගැනීමේ වැඩපිළිවෙලකට දායක වීමට සූදානම් බවයි සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුවේ.

රට මුහුණපා ඇති අභියෝග ජය ගැනීමට අවශ්‍ය ව්‍යුහාත්මක සහ දේශපාලනික වෙනසක් වෙනුවෙන් කැපවන බවයි ජාතික ජන බලවේගය පවසන්නේ.

(Neth)