මගේ හිතාදර මිත්‍රයා, දයාබර සටන් සගයා රංජන් රාමනායක බලන්නට අද මම වැලිකඩ සිර ගෙදරට ගියා. මොනතරම් දුෂ්කර කටුක අත්දැකීමක් වුණත් ඒ අත්දැකීමට මුහුණ දෙමින් ඉතාමත් ධෛර්ය සම්පන්න ලෙස රන්ජන් ඉන්න බව මේ මොහොතේ මතක් කළ යුතුමයි. වචනයකින් සිදු වූ වරදක් බරපතල දඬුවමක් ලෙස විඳිමින් රන්ජන් සිරගතව ඉන්නවා.
The year 2022 will be an year when the government is going to be toppled, Samagi Jana Balawegaya ( SJB) said yesterday.
කොවිඩ් වසංගතය හේතුවෙන් ආර්ථික අවපාතයකට මුහුණ දී සිටින රටවල් හයක් මේ වනවිට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත ගොස් සිය අර්බුද විසඳා ගැනීම සඳහා සහාය ලබාගෙන ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එම කිසිදු රටකට අහිතකර හෝ ඉටුකළ නොහැකි කොන්දේසි පනවා නොමැති බවයි එජාප නායකයා අවධාරණය කරන්නේ.
Amids claims of some Sri Lanka Freedom Party (SLPP) politicians of a possible aligning with the Janatha Vimukthi Peramuna (JVP) in a future election, the JVP today dismissed any such possibility claiming that they were not ready to align with the two main parties or anyone who had been part of them.
සියලු වාමාංශික බලවේග එකතු වී ශක්තිමත් බලවේගයක් ලෙස කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.
මේ වනවිට ලෝකයෙහි පවතින්නේ වැටුප් වැඩිකරන අවස්ථාවක් නොව වැටුප් අඩුකරන අවස්ථාවක් බවත් මෙවන් මොහොතක වැඩි වැටුප් ඉල්ලීම නීතිවිරෝධී ක්‍රියාවක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ මීළඟ රාජ්‍ය නායකයා වන්නේ සජිත් ප්‍රේමදාස මහතා බව දැනටමත් ලෝකයේ ප්‍රධාන රාජ්‍යයන් පිළිගෙන ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසයි.
වියත්මග වැනි සංවිධාන වලින් ආණ්ඩුවට එක්ව විවිධ තනතුරුවලට පැමිණි ඇතැම් පුද්ගලයින් රටේ විනාශයට උදව් කරමින් සිටින්නේදැයි සැකයක් මතුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසයි.
වත්මන් ආණ්ඩුව දුප්පත්කම නැති කරන බව කියාගෙන බලයට පැමිණිය ද මේ වනවිට ඔවුන් දුප්පතුන්ව නැත්තටම නැතිකර දමමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසයි.
පවතින තත්ත්වය මත තවදුරටත් රට ඉදිරියට ගියහොත් විශාල සාගතයක්, ආර්ථික කඩා වැටීමක් සිදුවන අතර ලෝකයද ශ්‍රී ලංකාව බංකොලොත් බවට හංවඩු ගහන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පැවසුවේය.
තමන් කිසිදු අවස්ථාවක වෛද්‍යවරුන්ගේ මාරුවීම් හෝ උසස්වීම් සම්බන්ධයෙන් කිසිදු දේශපාලන මැදිහත්වීමක් කර නොමැති බවත් තමන් එසේ කළායැයි කවුරුන් හෝ ඔප්පු කරන්නේ නම් ඕනෑම මොහොතක අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමටත් තමන් සූදානම් බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
වත්මන් ආණ්ඩුව උද්දච්ඡ ලෙස විශේෂඥ උපදෙස් නොතකා කටයුතු කිරීම හේතුවෙන් මේ වනවිට රට සම්පූර්ණ අගාධයකට තල්ලු කර දමා ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
පසුගිය ආණ්ඩුව සමයේ තෙල් මිල පාලනය සඳහා මංගල සමරවීර අමාත්‍යවරයා විසින් ගෙන ආ මිල සූත්‍රය පැවතියේ නම් අද දවස වන විට ඉන්ධන මිල සම්බන්ධයෙන් මතුව තිබෙන ප්‍රශ්න සහගත තත්ත්වය ඇති නොවන බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.
භාණ්ඩ මිල දැනටත් ඉහළ මට්ටමක පවතින අතර ඉදිරියේදී තවත් ඉහළ යනු ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
රටට ආදරය කරන ජනතාව සමග මිස පරාජිත දේශපාලන පක්ෂ සමග කිසිදු සන්ධානයකට එළඹීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා. දේශපාලන සන්ධාන සම්බන්ධයෙන් ජනතාව තුළ කිසිදු විස්වාසයක් නොමැති බවත්, ඉතිහාසය තුළ ගොඩනැගූ සන්ධානවලින් ජනතා බලාපොරොත්තු ඉටු වී නොමැති බවත් මන්ත්‍රීවරයා සඳහන් කරනවා.
රට ගොඩනැගීම සඳහා ජනතා විමුකිත් පෙරමුණ ඇතුළු විපක්ෂයේ සියලු බලවේග සමග එක්ව කටයුතු කිරීමට සූදානම් බව සමගි ජනබලවේගය පවසනවා.
හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා විසින් ගොනු කරන ලද නඩුවකට අදාළව හිටපු අමාත්‍ය රවී කරුණානායක, ඔහුගේ බිරිඳ වන මෙලා කරුණානායක සහ ඔවුන්ගේ දියණිය වන ඔනෙලා කරුණානායක යන අය ඇප මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ අද (22) නියම කර තිබේ.
Page 214 of 552