ආණ්ඩුවෙන් කුමන පුද්ගලයෙකු ඉවත් වුවද එය ඉදිරි වැඩපිළිවෙලට කිසිදු බාධාවක් නොවන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා.
ඒ අනුව ඉවත් වීමට අපේක්ෂා කරන පුද්ගලයින්ට ආණ්ඩුවෙන් ඉවත් වීමට කිසිදු බාධාවක් නොමැති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.
කෙසේවෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි එහි මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර නෙත් නිවුස් කළ විමසීමකදී කියා සිටියේ.
ආණ්ඩුවේ පක්ෂ අතර පවතින මත ගැටුම් සම්බන්ධයෙන් තවදුරටත් විවිධ අදහස් පළ වනවා. තමන් කිසි විටෙකත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර නොයන බවයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ.
(Neth)