බොහෝ අවස්ථාවල මේ රටට ජයග්‍රහණ සහ කීර්තිය අත්පත් කර දුන්නේ තරුණ පරම්පරාව බවත් තමන්ට ඉඩ ලැබෙන සෑම අවස්ථාවකම ඔවුන් මේ රට සමත් කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පසුගිය කාල සීමාව තුළ ආණ්ඩුවේ කුඩා පක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එරෙහිව විවේචන එල්ල කරමින් කටයුතු කරමින් සිටියේ පොහොට්ටුව තම දේශපාලන ගමන ආරම්භ නොකර සිටීම නිසා බවත් අද (09) සිට පොහොට්ටුව තනි පක්ෂයක් වශයෙන් සිය අනන්‍යතාවය වෙනුවෙන් ගමන ආරම්භ කරන බැවින් කුඩා පක්ෂවල දුර්මත පළකිරීම් අදින් අවසන් වනු ඇති බවත් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
එදා හොරු අල්ලන්න ආපු යහපාලනය හොරුන්ට ලයිසන් දුන් අතර දැන් හොරු උඩ පැන පැන හොරකම් කරන බව සමඟි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසුවේය.
අධිභාර බද්ද පැනවීමට අදාළ විධිවිධාන සැලැස්වීම සඳහා සකස් කර ඇති පනත් කෙටුම්පතට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව සමගි ජනබලවේගය පවසනවා. වැඩ කරන ජනතාවට අයත් මුදල් එම අධිභාර බද්දට ඇතුළත් කිරීම කිසිසේත් අනුමත නොකරන බවයි එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පැවසුවේ.
වත්මන් ආණ්ඩුව ණය අර්බුදය සහ විනිමය අර්බුදය විසඳා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමට මෙතරම් මැලිකමක් දක්වන්නේ රට කෙතරම් ප්‍රපාතයට ගියද ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ ඉලක්ක කරමින් දැවැන්ත ලෙස මුදල් අච්චු ගසා මැතිවරණ සඳහා මුදල් පොම්ප කිරීමේ ව්‍යාපෘතියක් දියත් කිරීමට යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කරයි.
භාෂණයේ නිදහස හා මාධ්‍ය නිදහස ආරක්ෂා කරන බවටත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පැවතිය යුතු ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන බවටත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිදහස් දින උත්සවයට සහභාගිවෙමින් ප්‍රකාශ කළ නමුත් ඊට පසුදාම එම ප්‍රකාශය පුස්සක් බවට පත්වන සිදුවීමක් සිදු වූ බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති, හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසනවා.
වන සතුන් ගම්වදින සෑම අවස්ථාවකදීම ගම්වාසීන්ගෙන් තමන්ට බැණුම් ඇසීමට සිදුව ඇති බවත් මේ තරම් බැණුම් අසන අමාත්‍යාංශයක් භාරගත්තාට තමන්ට වෙනම ත්‍යාගයක් දියයුතු බවත් වනජීවී රැකවරණ, අලි වැට හා අලි අගල් ඉදිකිරීමේ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසයි.
පසුගිය ජනාධිපතිවරණයේදී රටේ බහුතර ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් දරදඬු පාලනයක්, හිට්ලර් වැනි පාලනයක් ඉල්ලා සිටි බවත් කෙසේ නමුත් ජාත්‍යන්තරය සමග ගනුදෙනු කිරීම සඳහාත්, ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ගෙනයෑම සඳහාත් ජනාධිපතිවරයා ඉතා නිහතමානී පාලනයක් ගෙනයන බවත් පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටි ආරච්චි මහතා ප්‍රකාශ කරනවා.
බොහෝ දෙනෙක් කටයුතු කරන්නේ කෙටිකාලීන වරප්‍රසාද ලබාදීමට බවත්, සමගි ජන බලවේගයේ ස්ථාවරය වන්නේ මතු පරම්පරාව සුරක්ෂිත කොට සමස්ත ජන ජීවිත ගොඩනැංවීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
නැදිගම්විල විජයපුර ඒකාබද්ධ නවෝද්‍යා ප්‍රජාමූල සංවිධානය මගින් නඩත්තු හා මෙහෙයුම් සිදු කරනු ලබන ප්‍රජා ජල ව්‍යාපෘතියට අනුබද්ධව ප්‍රදේශයේ පවුල් 700 කට වැඩි ජනතාවකට සහන සැලසෙන පරිදි වඩාත් පිරිසිදු නැවුම් පානීය ජලය ලබාදීමේ අරමුණ ප්‍රකාරව, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් එම ප්‍රදේශයේ ජනතාව විසින් කරනු ලැබූ ඉල්ලීමක් අනුව, නවලෝක සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහය ඇතිව රුපියල් ලක්ෂ 20 ක වටිනාකමින් යුක්ත ජල පිරිපහදු පද්ධතිය (ප්‍රති ආශ්‍රිත ජල පෙරනය) ලබා දීමට කටයුතු කරනු ලැබීය.
පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවට සහ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවට නව සාමාජිකයින් පත් කර තිබෙනවා.
නෙළුම් පොකුණ රඟහලේ වැඩ ආරම්භ කළේ මහින්ද රාජපක්ෂ මහතා විසින් නොව 2004 වසරේදී එවකට සංස්කෘතික ඇමතිවරයා වශයෙන් තමන් විසින් බවත් අවසානයේ මහින්ද රාජපක්ෂ මහතා පැමිණ ඊට ඔහුගේ නම දමාගත් බවත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.
සෞභාග්‍යයේ දැක්ම යටතේ ජනතාවට ලබාදුන් සියලුම පොරොන්දු ඉදිරි වසර තුන තුළ අනිවාර්යයෙන්ම ඉටු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
Page 201 of 554