පාස්කු ප්‍රහාරය වැළැක්වීමට ක්‍රියා නොකළ පාර්ශවයන්ගෙන් කටඋත්තරයක් හෝ ලබා නොගැනීම තුළින් ආණ්ඩුව ඔවුන් ආරක්ෂා කරන්නේදැයි තම හෘද සාක්ෂිය ද තමන්ගෙන් විමසන බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසනවා.
නිදහස් දිනයේ රන්ජන් රාමනායක මහතාට පූර්ණ නිදහස ලැබෙතැයි තමන් දැඩිව විශ්වාස කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. විපක්ෂ නායකයා මේ බව පැවසුවේ සිරගතව සිටින රංජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීමට අද (03) පෙරවරුවේ වැලිකඩ බන්ධනාගාරය වෙත යෑමෙන් අනතුරුවයි.
රාගම වෛද්‍ය පීඨයේ සිදුවීමට අදාළව අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට රජයට කිසිදු හේතුවක් නොමැති බවත් එක රටක් – එක නීතියක් යනුවෙන් ජනතාව ජනාධිපතිවරයාගෙන් බලාපොරොත්තු වුණු දෙය අද ඉටුවෙමින් පවතින බවත් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
සමගි ජන බලවේගය රටට අගයක් එකතු කරන දේශපාලන පක්ෂයක් මිස, එය සංදර්ශන දේශපාලනය මත යැපෙන දේශපාලන පක්ෂයක් නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පසුගිය මහමැතිවරණයේ ප්‍රතිඵලය සලකා බැලීමේදී සමගි ජන බලවේගයට ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කිරීමට නොහැකි බවත් එම මැතිවරණයෙන් සජබට ලැබුණු ඡන්ද ලක්ෂ 27න් ලක්ෂ 10ක්ම තමන් ඇතුළු එම සන්ධානයට පිටින් එකතු වූ වෙනත් පක්ෂවල ඡන්ද බවත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා පවසයි.
නිදහස් අධ්‍යාපනයේ පියා සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නන්ගර මැතිතුමා දියත් කළ නිරායුධ, සාමකාමී මතවාදී කැරැල්ල තුළ අපේ රටට, රටේ සියලුම දරුවන්ට නිදහස් අධ්‍යාපනය ලැබුණ බවත් සමගි ජන බලවේගය ප්‍රමුඛ තමන් ඒ කැරැල්ල හා සමාන නිරායුධ නුතනවාදී කැරැල්ලක් ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡාවකට එළඹීම සම්බන්ධයෙන් කිසිදු ප්‍රශ්නයක් නොමැති බව කර්මාන්ත අමාත්‍ය, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහාය ලබාගැනීමක් පිළිබඳව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළත් එම ආයතනයට යැවූ ලිපියෙහි සඳහන්ව ඇත්තේ පුහුණු වැඩසටහනක් සඳහා එම ආයතනයෙන් නියෝජිත පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමක් පිළිබඳව බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.
රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාරයෙහි සිසුන් පිරිසකට පහරදීමේ සිද්ධියට තමන් සම්බන්ධ යැයි ඔප්පු කළහොත් තමන් අනිවාර්යයෙන්ම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව පොල්, කිතුල්, තල් සංවර්ධන හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.
මෙරට ආර්ථික අර්බුදයට දේශාපලඥයින් මෙන්ම තවත් පාර්ශව කිහිපයක් වග කිව යුතු බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා. කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ දේශීය නිෂ්පාදන සඳහා ව්‍යාපාරිකයින් වැඩි ඉඩකඩක් ලබා නොදීමද ආර්ථිකය කඩා වැටීමට බලපෑ බවයි.
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වී බන්ධනාගරගතව සිටින සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අද (04) ජනාධිපති සමාව මත නිදහස් කෙරෙන්නේද යන්න තවමත් ස්ථිර නොමැති බව ආරංචිමාර්ග පවසයි.
ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ ඡන්ද ප්‍රතිශතය මේ වනවිට 3% සිට 75 – 80% දක්වා වර්ධනය වී ඇති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.
රාගම වෛද්‍ය පීඨයේ සිසුන් පිරිසකට මැර ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට අදාළව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පෙරේදා (03) දිනයේදී සිය තනතුරෙන් ඉල්ලා අස්විය.
පවතින ඩොලර් අර්බුදය විසඳා ගැනීම සඳහා කෙටි කාලීනව ගත යුතු පළමු ක්‍රියාමාර්ගය වන්නේ රට ණය ශ්‍රේණිගත කිරීම්වල ඉහළ ස්ථානයකට පත් කර ගැනීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.
Page 200 of 552