Thursday, January 01, 2026
Follow Us
මේ ආණ්ඩුවට ප්‍රතිපත්තියක් නෑ. මේක වෙළඳුන්ගේ බලපෑමට යටවෙලා

භාණ්ඩ මිල ඉහළයෑම වැළැක්වීමට පාලන මිල පැනවීම විසඳුමක් නොවන බවත් ප්‍රශ්නය වී ඇත්තේ ආණ්ඩුවට ප්‍රතිපත්තියක් නොමැති වීම බවත් ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

“භාණ්ඩවල මිල අද ගන්න මිල නෙවෙයි හෙට. මේ කඩේ මිල නෙවෙයි අනිත් කඩේ. මොකක්ද මේකෙ තේරුම ? ඉතින් මේකට උත්තරේ තියෙන්නෙ පාලන මිල නෙවෙයි. පාලන මිල දැමීමෙන් මිල පාලනය වෙන්නෙ නෑ. රජය තමන්ගේ වෙළඳපොලවල් ඇතිකරන්න ඕනෙ මේ අවශ්‍ය භාණ්ඩ බෙදීයන ආකාරයට, සාධාරණ මිලකට, ආණ්ඩුව අලාභයක් විඳිමින්. ඉස්සර තිබුණු සමූපකාර ජාලය, මේක පණගන්වන්න බැරි ඇයි ආණ්ඩුවට ? ආණ්ඩුවට ප්‍රතිපත්තියක් නෑ ! සෞභාග්‍යයේ දැක්මේ තියෙනවා සමූපකාර ජාලය නැවත ක්‍රියාත්මක කරනවායි කියලා. නමුත් ආණ්ඩුවට ඇවිල්ලා තියෙනවා වෙළඳුන්ගේ බලපෑම්. ආණ්ඩුව වෙළඳාමට ඇතුළුවෙන්න එන්න එපා කියලා. එන්න ඒ බලපෑමට ආණ්ඩුව එක්තරා විදියකට ඉඩදෙනවායි කියලා මට පේන්න තියෙනවා”

අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මේ බව පැවසුවේ ඊයේ (20) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(LNW)