මැතිවරණ කොමිෂන් සභාව සහ පිළිගත් දේශපාලන පක්ෂවල ලේකම්වරුන් අතර සාකච්ඡාවක් ලබන 23 වන බදාදා මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. 2022 ඡන්ද හිමි නාමලේඛණය ප්‍රතිශෝධනය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවට ගැනෙන බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.
මේ අතර නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීම සඳහා නීතිය දායක කර ගන්නා ආකාරය පිළිබඳ පුහුණු වැඩමුළුවක් සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පැවැත්වීමට මැතිවරණ කොමිසම කටයුතු යොදා තිබෙනවා.
මැතිවරණ නීතිය ඇතුළු නීති විධිවිධාන හා උපමාන භාවිත කිරීමේදී මතුවූ අවහිරතා මගහැර නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් සඳහා ක්‍රියාත්මක විය හැකි ආකාරය සම්බන්ධයෙන් පොලීසිය මැතිවරණ නිලධාරීන් ඇතුළු අදාළ පාර්ශවයන් එහිදී දැනුවත් කෙරෙනු ඇති. සියලුම දිස්ත්‍රික්ක අවාරණය වන පරිදි ලබන මාර්තු මාසය අවසන් වීමට පෙර එම පුහුණු වැඩමුළු පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.
(Neth)