පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවට සහ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවට නව සාමාජිකයින් පත් කර තිබෙනවා.
නෙළුම් පොකුණ රඟහලේ වැඩ ආරම්භ කළේ මහින්ද රාජපක්ෂ මහතා විසින් නොව 2004 වසරේදී එවකට සංස්කෘතික ඇමතිවරයා වශයෙන් තමන් විසින් බවත් අවසානයේ මහින්ද රාජපක්ෂ මහතා පැමිණ ඊට ඔහුගේ නම දමාගත් බවත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.
සෞභාග්‍යයේ දැක්ම යටතේ ජනතාවට ලබාදුන් සියලුම පොරොන්දු ඉදිරි වසර තුන තුළ අනිවාර්යයෙන්ම ඉටු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
තමන් වත්මන් ආණ්ඩුව තුළ රැඳී සිටින්නේ එය ජනවරමට අනුකූලව කටයුතු කරන තාක් කල් පමණක් බව කර්මාන්ත අමාත්‍ය, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.
එදා හොරු අල්ලන්න ආපු යහපාලනය හොරුන්ට ලයිසන් දුන් අතර දැන් හොරු උඩ පැන පැන හොරකම් කරන බව සමඟි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසුවේය.
භාෂණයේ නිදහස හා මාධ්‍ය නිදහස ආරක්ෂා කරන බවටත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පැවතිය යුතු ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන බවටත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිදහස් දින උත්සවයට සහභාගිවෙමින් ප්‍රකාශ කළ නමුත් ඊට පසුදාම එම ප්‍රකාශය පුස්සක් බවට පත්වන සිදුවීමක් සිදු වූ බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති, හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසනවා.
වන සතුන් ගම්වදින සෑම අවස්ථාවකදීම ගම්වාසීන්ගෙන් තමන්ට බැණුම් ඇසීමට සිදුව ඇති බවත් මේ තරම් බැණුම් අසන අමාත්‍යාංශයක් භාරගත්තාට තමන්ට වෙනම ත්‍යාගයක් දියයුතු බවත් වනජීවී රැකවරණ, අලි වැට හා අලි අගල් ඉදිකිරීමේ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසයි.
The question of going to the IMF would not have arisen if there was financial discipline, one time Minister of Finance Ravi Karunanayake said.
බොහෝ දෙනෙක් කටයුතු කරන්නේ කෙටිකාලීන වරප්‍රසාද ලබාදීමට බවත්, සමගි ජන බලවේගයේ ස්ථාවරය වන්නේ මතු පරම්පරාව සුරක්ෂිත කොට සමස්ත ජන ජීවිත ගොඩනැංවීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
නැදිගම්විල විජයපුර ඒකාබද්ධ නවෝද්‍යා ප්‍රජාමූල සංවිධානය මගින් නඩත්තු හා මෙහෙයුම් සිදු කරනු ලබන ප්‍රජා ජල ව්‍යාපෘතියට අනුබද්ධව ප්‍රදේශයේ පවුල් 700 කට වැඩි ජනතාවකට සහන සැලසෙන පරිදි වඩාත් පිරිසිදු නැවුම් පානීය ජලය ලබාදීමේ අරමුණ ප්‍රකාරව, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් එම ප්‍රදේශයේ ජනතාව විසින් කරනු ලැබූ ඉල්ලීමක් අනුව, නවලෝක සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහය ඇතිව රුපියල් ලක්ෂ 20 ක වටිනාකමින් යුක්ත ජල පිරිපහදු පද්ධතිය (ප්‍රති ආශ්‍රිත ජල පෙරනය) ලබා දීමට කටයුතු කරනු ලැබීය.
ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවක් යටතේ මේ රටේ සියලුම විදේශ ණය ගෙවා අවසන් කරන බවත් ඒ සඳහා අවශ්‍ය ඩොලර් ලබාදීමට ජවිපෙට හිතවත් විදෙස්ගත සහෝදරවරුන් දැනටමත් ඉදිරිපත් වී සිටින බවත් ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
Page 199 of 552