Thursday, January 01, 2026
Follow Us
රවි හදිසියේ රෝහල් ගත කරයි

හබරණ සිට කෙළින්ම කොළඹ පෞද්ගලික රෝහලකට


හබරණ ප්‍රදේශයේ දින 6ක නිවාඩුවක් ගත කරමින් සිටි එක්සත් ජාතික පක්ෂෙයේ උතුරු කොළඹ සංවිධායක රවි කරුණානායක හදිසියේ කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ.

ඒ, කකුලේ විෂබීජයක් ආසාදනය වීම හේතුවෙනි.

මේ වන විට ඔහු කොළඹ පෞද්ගලික රෝහලක නේවාසික ප්‍රතිකාර ලබමින් සිටී.

පසුගිය 19 වැනිදාට රවී කරුණානායකගේ උපන් දිනය යෙදී තිබුණ අතර, ඒ වෙනුවෙන් උතුරු කොළඹ නාගරික මන්ත්‍රිවරුන් 22 දා කොටහේනේ පරමානන්ද විහාරයේ බෝධි පූජා පින්කමක් සංවිධානය කර තිබුණි.
නමුත් රෝගී තත්ත්වය හේතුවෙන් රවි ට ඊට සහභාගී වීමට නොහැකි වූ අතර රවි වෙනුවෙන් ඔහුගේ වැඩිමහලු දියණිය වන ඔනෙලා පින් කමට සහභාගී වී ඇත.

(Aruna)