Thursday, January 01, 2026
Follow Us
කුරුසියේ අත තබා පොරොන්දු වෙනවා - හිටපු ජනපති කියයි

පාස්කු ප්‍රහාරය පිළිබඳව තමන්ට තොරතුරු ලැබී ඇති බවට එල්ලවන චෝදනා අසත්‍ය බවට කුරුසයේ අත ගසා පොරොන්දු වන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.

එම ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දැනුවත් කර සිටියේ නම් එය වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බවයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ. බුද්ධි අංශ හෝ ආරක්ෂක අංශ ඒ පිළිබඳ තමන් දැනුවත් කළේ නම් කිසිවිටෙකත් එම අවස්ථාවේ විදේශගත නොවන බවද ඔහු සඳහන් කළා.

පොළොන්නරුව නව නගරයේ පිහිටි කිතුනු දේවස්ථානයේ පැවති ආශිර්වාද පූජාවකට එක්වෙමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පල කළා.

(NEth)