Sunday, July 06, 2025
Follow Us
අපට මේ රටේ ආර්ථිකය සම්බන්ධ ප්‍රශ්නයක් නෑ – ඇමති ජොන්ස්ටන්

රටේ ආර්ථිකය සම්බන්ධ ප්‍රශ්නයක් වත්මන් ආණ්ඩුවට නොමැති බවත් මේ උද්ගතව ඇත්තේ තාවකාලික ඩොලර් ප්‍රශ්නයක් පමණක් බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

“අපට මේ රටේ ආර්ථිකය සම්බන්ධව ප්‍රශ්නයක් නෑ. අපට තියෙන්නෙ තව එක ප්‍රශ්නයයි, අපට තියෙන්නෙ ඩොලර් ප්‍රශ්නය. කොවිඩ් වසංගතය වෙලාවෙ රටවිරුවො 168,000ක් අපි ආපහු ගෙනාවා අම්මේ තාත්තෙ. ඒ නිසා අපට ආව විදේශ විනිමය නතර වුණා. දැන් ආයෙත් 200,000 ක් කිට්ටු වෙන්න පිටරට ගිහිල්ලා ඉන්නෙ. තව 100,000 ක් අපි රට යවනවා. ලෝකයේ ප්‍රබල රටවල්වල අද අවස්ථා විවෘත කරගෙන යනවා ලංකාවේ අයට ඇවිල්ලා වැඩකරන්න කියලා. මේ තියෙන්නෙ තාවකාලික ප්‍රශ්නයක්”

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ ඊයේ (27) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා බලමණ්ඩල රැස්වීමක් අමතමිනි.

(LNW)