පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුමය යන්න තම ස්ථාවරය බව කොළඹ අගරදගුරු පදවියේ ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිශාන්ත පියතුමා අවධාරණය කරයි.
ණයට ඩීසල් ඉන්ධන නැවක් පසුගියදා ලංකාවට පැමිණි බවත් ඇමතිවරුන් ගොස් උත්සවයකුත් පවත්වා මේ ණයට ලැබුණු ඩීසල් ඉන්ධන නැව උත්සවාකාරයෙන් පිළිගත් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Speaker Mahinda Yapa Abeywardena has endorsed five Bills, which were taken into debate recently,the Communications Department of Parliament said.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක දේශපාලන පිළිගැනීම් පිළිබද සොයා බලන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර තිබෙනවා.
ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත්වීමට නිමල් ලන්සා සූදානමින් පසුවන බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් ඊෙය් පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අදහස් පළ කළා.
ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය රංජිත් දිසානායක මහතා අමාත්‍යංශ ලේකම් තනතුරින් ඉවත් කර ඒ වෙනුවට වෙනත් පුද්ගලයෙකු පත් කිරීමට නියමිත බව වාර්තා වේ. ලේකම් ධුරයෙන් ඉවත් කරන රංජිත් දිසානායක මහතා වෙනත් රාජ්‍ය අමාත්‍යංශයක ලේකම් ධුරයට හෝ ප්‍රබල රාජ්‍ය ආයතනයක සභාපති තනතුරට හෝ පත් කිරීමට නියමිත බවද වාර්තා වේ.
සිරගත කොට ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනප්‍රිය නළු රංජන් රාමනායක වැලිකඩ බන්ධනාගාරය තුළ සුවසේ අධ්‍යාපන කටයුතු වල නියැලී සිටින බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය ප්‍රකාශ කර සිටියා.
රටේ කිසිදු ඉන්ධන හිගයක් නොමැති බවත්, කෙසේ නමුත් විපක්ෂය විසින් විටින් විට ඉන්ධන හිගයක් තිබෙන බවට අසත්‍ය පුවත් සමාජගත කරමින් ජනතාවට කලබලයට පත් කරන බවත් වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. අවස්ථා ගණනාවකදී ඉන්ධන හිගයක් සම්බන්ධයෙන් විපක්ෂය බොරු ප්‍රචාර ගෙනගිය නමුත් කිසිදු අවස්ථාවක හිගයක් ඇති නොවන පරිදි ඉන්ධන ලබාදීමට ආණ්ඩුව සමත් වූ බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ වනජීවී රැකවරණ, අලිවැට හා අගල් ඉදිකිරීමේ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා අතර බරපතළ මට්ටමේ ගැටුමක් ඇතිවී ඇති බව වාර්තා වේ.
ආණ්ඩුව තුළ මේ වනවිට අර්බුදකාරී තත්වයක පසුවන නිමල් ලන්සා රාජ්‍ය අමාත්‍යවරයා ඊයේ (17) දිනයේදී මේ සම්බන්ධයෙන් පළමු වරට මාධ්‍ය වෙත අදහස් දක්වා තිබිණි.
An Extraordinary gazette has been issued by the Election Commission removing two symbols from the list of symbols allotted to political parties.
පාස්කු ප්‍රහාරයෙන් මියගිය අයගේ ඥාතීන් සහ තුවාල ලැබූවන් තමන්ගෙන් වන්දි අයකර දෙන ලෙස ඉල්ලා ගොනුකර ඇති නඩු නිෂ්ප්‍රභ කොට තමන්ව සියලු චෝදනා වලින් මුදාහරින ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම සලකා බැලීමට දින නියම කෙරුණා. ඒ අනුව පෙත්සම මාර්තු මස 9 වන දා කැදවීමටයි කොළඹ සිවිල් අභියාචනා මහාධිකරණය අද නියෝග කළේ.
Page 198 of 554