Saturday, July 05, 2025
Follow Us
ගම්මන්පිල ඇමතිවරයෙක් හැටියට ෆේල්. පොරවෙන්න වොයිස්කට් දීලා වැඩක් නෑ – ඩිලාන්

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අමාත්‍යවරයෙකු වශයෙන් අසමත් බවත් ඔහු සිටින්නේ ඉන්ධන සඳහා අවශ්‍ය මුදල් කැබිනට් මණ්ඩලයෙන් අනුමත කරවා ගැනීමට මිස පිටතදී වොයිස්කට් දීමට නොවන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

“බලශක්ති ඇමතිතුමා කියනවා වගේ යම් යම් ආනයනයන් කරන ද්‍රව්‍ය අඩුකරලා ඒ මුදල් ඉතිරි කරගෙන තෙල් ටික මිලදී ගන්න ඕනෙ නම් ඒක හැබැයි කැබිනට් මණ්ඩලයේ කතා කළ නොහැකි තත්වයක්ද තිබෙන්නෙ ? ගම්මන්පිල මහත්මයා ඇමතිවරයෙක් හැටියට ෆේල් නෙ … මට වැඩක් නෑ තෙල් ඇමතිකම තිබිලා මට සල්ලි ඕනෙ ලු. ඉතින් ඒ සල්ලි ටික ඉල්ලාගන්න තමයි ඇමති ඉන්නෙ. මට සල්ලි දෙන්නෑ කියලා වොයිස්කට් දෙන්න නෙවෙයි. අපි විරුද්ධ පක්ෂෙ නෙවෙයිනෙ ! ඒක කියන්න ඕනෙ එයා කැබිනට් එකේනෙ … කැබිනට් එකේ සාමාජිකයෙක් නෙ. හැබැයි මේකෙන් ගැලවුමකට තියෙන්නෙ වොයිස්කට් දිදී මම තමයි පොර කියන එක නෙවෙයි. දැන් වියත්මග වියත්මග කියලා හරියන්නෙ නෑ. වියත්මග ෆේල් නම් මම කිව්වෙ වියපත් වියතුන් ඉන්නවා”

ඩිලාන් පෙරේරා මහතා මේ බව පැවසුවේ ඊයේ (02) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(LNW)