Thursday, January 01, 2026
Follow Us
මාර්තු 29 සමඟිය සල්ගාදු පිටියට!

පෝලිමේ ඉන්න,කරුවලේ ඉන්න අයට මෙන්ම,පොහොර නැති ගොවියන්ට,අනාගතය අඳුරු කරගෙන සිටින තරුණ තරුණියන් ඇතුළු සියලු දෙනාටම ලබන 29 වැනිදා අනුරාධපුරයේ සල්ගාදු පිටියට පැමිණෙන ලෙස සමඟි ජන බලවේගය ආරාධනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසුවේය.

හදවතේ පවතින විරෝධය ප්‍රකාශ කරන අතර සමඟි ජන බලවේගයේ විකල්ප වැඩපිළිවෙල ද අවබෝධ කර ගන්නා ලෙසයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

අද ජනතාවට දවල්ට පෝලිම්වල සිටීමට සිදුව තිබෙන අතර රෑට අඳුරේ සිටීමට සිදුව ඇති බව ද මන්ත්‍රීවරයා කියා සිටියේය.

රට මෙවැනි තත්ත්වයටකට ඇද දැමුවේ ආණ්ඩුවේ අකාර්යක්ෂම කළමනාකරණය කලමනාකරණය හේතුවෙන් බවයි මරික්කාර් මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

(LNW)