Friday, July 04, 2025
Follow Us
ඇමති වාසුත් තනතුර අතහැර යයි ද?

අවසන් තීරණය අද


විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර ද සිය අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

බොහෝ විට ඒ සම්බන්ධ අවසන් තීරණය අද (04) දිනය තුළ දී අමාත්‍යවරයා විසින් ගනු ඇති බවටයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මීට පෙර ද මතභේදයට තුඩු දුන් කෙරවලපිටිය විදුලි බලාගාර සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කළ නඩුවේදීත් විමල් වීරවංශ, උදය ගම්මන්පිල සමග අමාත්‍ය වාසුදේව නානායක්කාර ද විරෝධතා ගොනුකළවුන් අතර සිටියා.

(Aruna)