විමල් තැබූ ට්විටර් සටහන මෙන්න
වත්මන් ආණ්ඩුවේ කර්මාන්ත අමාත්‍යවරයා ලෙස ඊයේ පස්වරුව දක්වා කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කර්මාන්ත අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීම දන්වමින් ජනාධිපතිවරයා විසින් එවන ලද ලිපියට සිය ස්තූතිය පලකර සමාජ මාධ්‍යයේ සටහනක් තබා තිබේ.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47(2) අ වගන්තිය ප්‍රකාරව තමන්ට හිමිව ඇති බලතල ප්‍රකාරව විමල් වීරවංශව අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන බව ජනාධිපතිවරයා විසින් ඊයේ පස්වරුවේ දැනුම් දී ඇත.
මෙම තත්ත්වයත් සමග ඊයේ පස්වරුවේ හදිසි කැබිනට් සංශෝධනයක් සිදුවූ අත , එහිදී කර්මාන්ත අමාත්‍යවරයා ලෙස එස්.බී. දිසානයක පත්විය.
(Aruna)