Saturday, July 05, 2025
Follow Us
රට හරි මගට ගෙනඑන බලවේගයක් ගොඩනගන බව ගම්මන්පිල කියයි

“මුළු රටම හරි මගට ජාතික ප්‍රකාශනය එළිදැක්වීම” ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 11 ක නායකයින්ගේ සහභාගීත්වයෙන් ඊයේ පස්වරුවේ සිදු කෙරුණා. ඒ, ශ්‍රී ජයවර්ධනපුර පිහිටි උත්සව ශාලාවකදීයි. පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් එම උත්සවය ඇමතූවේය.

පිවිතුරු හෙළ උරුමයේ නායක අමාත්‍ය උදය ගම්මන්පිල එහිදී පැවසුවේ පුද්ගලයින් හෝ පක්ෂ දිනවන ව්‍යාපාරයක් වෙනුවට රට දිනවන බලවේගයක් ඉදිරියේදී ගොඩනගන බවයි.

ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ ද එහිදී අදහස් පළ කළා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අමාත්‍ය වාසුදේව නානායක්කාර, රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ප්‍රේම්නාත් සී දොලවත්ත, වීරසුමන වීරසිංහ, ගෙවිඳු කුමාරතුංග ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් එම අවස්ථාවට එක්ව සිටියා.

(Neth)