Thursday, January 01, 2026
Follow Us
ගීතා කුමාරසිංහට මරණ තර්ජන

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහට බැන මරණීය තර්ජනය කිරිම සම්බන්දයෙන් පුද්ගලයකු ඊයේ (20) අත්අඩංගුවට ගත්බැව ඌරගස්මංහන්දිය පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ තොටකනත්ත ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි අයෙක්.

ණය මුදලක් ලබා නොදීම සම්බන්දයෙන් සැකකාර පුද්ගලයා මන්ත්‍රිවරියගේ හඹුරුගල පිහිටි නිවසට ගොස් බැන, මරණීය තර්ජනය කොට ඇති බව පොලිසිය පවසනවා.

මන්ත්‍රීවරිය විසින් පොලිසියට කරණු ලැබූ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අයුතු ඇතුල්විම හා බැන මරණිය තර්ජනය කිරිම සම්බන්දයෙන් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණා.

(Neth)