Thursday, January 01, 2026
Follow Us
කාරක සභා රැසක් මෙම සතියේ රැස්වේ

පාර්ලිමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්


අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා ඇතුළු කාරක සභා රැසක් මේ සතියේ රැස්වීමට නියමිතය.

මේ අනුව මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ලබන 24 වන දින රැස්වීමට නියමිතය.

තවද අද (22) බලශක්ති කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව, කෘෂිකර්ම කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව සහ වනජීවී සහ වනසංරක්ෂණ කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රැස්වේ.

එමෙන්ම හෙට (23) කම්කරු කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව සහ ඉඩම් කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ද රැස්වීමට නියමිතය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ රැස්වීමක්ද හෙට (22) පැවැත්වීමට නියමිතව ඇත.

(Aruna)