පාස්කු ප්‍රහාරයෙන් මියගිය අයගේ ඥාතීන් සහ තුවාල ලැබූවන් තමන්ගෙන් වන්දි අයකර දෙන ලෙස ඉල්ලා ගොනුකර ඇති නඩු නිෂ්ප්‍රභ කොට තමන්ව සියලු චෝදනා වලින් මුදාහරින ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම සලකා බැලීමට දින නියම කෙරුණා. ඒ අනුව පෙත්සම මාර්තු මස 9 වන දා කැදවීමටයි කොළඹ සිවිල් අභියාචනා මහාධිකරණය අද නියෝග කළේ.
පෙත්සම මඟින් හිටපු ජනාධිපතිවරයා පවසන්නේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය අයගේ ඥාතීන් හා තුවාල ලැබුවන් විසින් තමන්ට එරෙහිව කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු එකසිය නවයක් ගොනු කර ඇති බවයි. එම චෝදනාවලින් තමන්ව මුදා හරින ලෙස ඉල්ලමින් කොළඹ දිසා අධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කළ ද එම මූලික විරෝධතා ඉකුත් ජනවාරි මස 7 වනදා දිසා අධිකරණය මගින් ප්‍රතික්ෂේප කළ බවද හිටපු ජනාධිපතිවරයා පෙන්වාදී තිබෙනවා.
මේ අතර මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ ඔහුගේ නිල නිවසවූ කොළඹ, පැජට් පාරේ නිවස විශ්‍රාම යාමෙන් පසුවද ඔහු වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණයෙන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දුන්නා.
(Neth)