වත්මන් ආණ්ඩුවේ සෑම ක්‍රියාවක් සම්බන්ධයෙන්ම ශ්‍රී ලංකා නිදහස් – පොදුජන සන්ධානයේ සෑම පක්ෂයකටම වගකීමක් ඇති අතර ඔවුන්ට එයින් මඟහැරීමේ හැකියාවක් නොමැති බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට ද කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
කාබනික පොහොර පමණක් භාවිතා කරන වර්තමාන කෘෂිකර්ම ප්‍රතිපත්තියෙන් රජය වහාම ඉවත්විය යුතු බවත් ඒ ඔස්සේ දැනටමත් සිදුකර ඇති වරද වහාම නිවැරදි කරගත යුතු බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා තරයේ අවධාරණය කරයි.
රටේ පවතින ආර්ථික ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩපිළිවෙලකට යාමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා දරන උත්සාහයට කිසිසේත්ම බාධා නොකළ යුතු බව හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
කවුරුන් විරුද්ධ වුවත් රටට අවශ්‍ය ඇමරිකානු ඩොලර් සපයා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කළ හැක්කේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩපිළිවෙලකට යාමෙන් පමණක් බව දැන් පැහැදිලි වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ කිසිදු මුදලක් සොරකමට ලක්ව නොමැති බව ඒ මහතාගේ වැඩිමල් පුත්, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා නැවතත් අවධාරණය කරයි.
වත්මන් ආණ්ඩුව පෙරළා අලුත් ආණ්ඩු පිහිටුවන්නට බලාගෙන සිටින බොහෝ දෙනෙකුට නුදුරේදීම පසුගිය ආණ්ඩු සමයේ සිදුවීම් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම්වලට ලක්වීමට සිදුවනු ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
කොරෝනා වෛරසය ආසාදනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව මේවනවිට 12 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, සති 02 ක කාලයක් තුලදීයි.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධාන සුලු පක්ෂය බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වර්තමානයේ පත්ව ඇති බව එම පක්ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය පවසනවා. එම තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත්දැකීම් රැසකට මුහුණ දෙමින් ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.
සමඟි ජන බලවේගය හැම විටම විවෘත අතර මේ රටේ දේශපාලන ප්‍රතිපත්ති සහ අදහස් දරන සියලු අයගෙන් ඉල්ලා සිටින්නේ ආණ්ඩුවට එරෙහිව එකපෙළට සිටගමු යන්න යැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේය.
දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ පරීක්ෂණ කොමිසම විසින් තමන්ට එරෙහිව සිදුකර තිබෙන නිර්දේශ බල රහිත කරන ලෙස ඉල්ලා රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගොනු කර ඇති රීට් පෙත්සම සලකා බැලීම සඳහා දින නියම කර තිබේ.
ඉකුත්දා කොරෝනා වෛරසය ආසාදනය වු දේශපාලඥයින්ගෙන් සිව් දෙනෙකු බූස්ටර් මාත්‍රාව ලබා ගෙන නොසිටි බවට වාර්තා වනවා.
A fresh Covid-19 cluster was reported from Parliament with two higher-ups including Speaker Mahinda Yapa Abeywardene being tested positive yesterday.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් මේ වන විට සිර දඬුවම් විදිනු ලබන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමණායක හට එළඹෙන පෙබරවාරි මස 04 වෙනිදා ජනාධිපතිවරයාගේ සමාව යටතේ නිදහස් කරන මෙන් ඉල්ලා කලාකරුවන් පිරිසක් විශේෂ සංදේශයක් ජනාධිපතිවරයාට යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිරදඬුවම් නියම වී බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනායක මහතාව එළඹෙන පෙබවාරි 04 වනදා ජාතික නිදහස් දිනයේදී ජනාධිපති සමාව යටතේ නිදහස් කෙරෙනු ඇති බව ආරංචිමාර්ග පවසයි.
Page 202 of 552