Monday, July 07, 2025
Follow Us
සෞඛ්‍ය වර්ජකයින්ගෙන් ජනතා විමුක්ති පෙරමුණ ඉල්ලිීමක් කරයි

රාජකාරී සිදු කරමින් වර්ජනයේ නිරත වන්නැයි සෞඛ්‍ය වර්ජකයින්ගෙන් ජනතා විමුක්ති පෙරමුණ ඉල්ලිීමක් කරනවා.

එහි දේශපාලන මණ්ඩල සභික කේ ඩි ලාල්කාන්ත පැවසුවේ ආණ්ඩුව විවේචනය කළ ජනතාව මේ වන විට වර්ජනයේ නිරත සෞඛ්‍ය සේවකයින් විවේචනය කරන බවයි.

ආණ්ඩුව රෝගීන් වෙනුවෙන් පෙනී සිටින බැවින් සෞඛ්‍ය සේවකයින්ගේ ගැටලුවලට මේ හේතුවෙන් විසදුමක් නොලැබෙන බවද ඔහු සඳහන් කළා.

මේ අතර සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ වර්ජනය අඛණ්ඩ 08වන දිනටත් අද ක්‍රියාත්මකයි. මේ හේතුවෙන් ඉකුත් දින කිහිපයේ මෙන්ම අද දිනයේද රෝගීන් පත්ව සිටින්නේ දැඩි අපහසුතාවයකටයි.

කෙසේවෙතත් අධිකරණය ලබාදුන් වාරණ නියෝගයකට අනුව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය වර්ජනයෙන් තාවකාලිකව ඉවත්වී සිටිනවා.

මේ අතර සිය ඉදිරි ක්‍රියා මාර්ග පිළිබඳ අද පැවැත්වෙන විශේෂ මහ සභාවේදී තීරණය කරන බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් පැවසුවේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් සහගතව සිය ගැටළුවලට විසදුම් ලබා නොදෙන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

 

(Neth)