Thursday, January 01, 2026
Follow Us
ඇමරිකාවට අපට වඩා අමාරුයි. කොහොමද ඉතින් ප්‍රශ්න විසඳන්නේ – කුට්ටිආරච්චි

මේ වන විට චීනයට, ඉන්දියාවට, ඇමරිකාවට ශ්‍රී ලංකාවට වඩා අමාරු තත්ත්වයක් පවතින හෙයින් මෙරට ප්‍රශ්නවලට ඔවුන්ටද සහය වීමට හැකියාවක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කරන්නේ හපුතලේ ප්‍රදේශයේදී පැවති ජන හමුවක් අමතමිනි.

එදා යුද්ධය සමයේදී මෙවැනි ලෝක ව්‍යසනයක් නොපැවතීම නිසා චීනයෙන්, ඉන්දියාවෙන්, ඇමරිකාවෙන්, ජපානයෙන් ඇතුළු රටවලින් සහය ලැබුණු බවයි මන්ත්‍රීවරයා කියාසිටින්නේ.

එහෙත් මේ වන විට පවතින ලෝක ව්‍යසනය හමුවේ එම රටවලට මෙරටට වඩා ප්‍රශ්න සහගත තත්ත්වයක් මතුව ඇති බව හෙතෙම පවසයි.

(LNW)