Monday, July 07, 2025
Follow Us
මන්ත්‍රී අසුනක් ගම්පහෙන් ගැලවී යාපනයට

2021 ඡන්ද හිමි නාමලේඛණය අනුව එක් එක් මැතිවරණ කොට්ඨාශය වෙනුවෙන් තෝරා පත්කර ගැනීමට හිමිකම් ඇති මන්ත්‍රීවරුන් සංඛ්‍යාව මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

එම ඡන්ද හිමි නාමලේඛණයට අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ එක් මන්ත්‍රීධූරයක් අඩුවී ඇති අතර යාපනය දිස්ත්‍රික්කයේ එක් මන්ත්‍රීධූරයක් වැඩිවී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

මෙම කරුණු සාකච්ඡා කෙරුණේ මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීතිරීතිවල ප්‍රතිසංස්කරණ හදුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සභානායක අමාත්‍ය දිනේෂ ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේයි.

පලාත් පාලන මැතිවරණයේදී කාන්තා නියෝජනය වැඩි කිරීම අරමුණු කරගෙන සෑම දේශපාලන පක්ෂයක්ම නාම යෝජනා ලැයිස්තුවෙන් කාන්තාවන්ට වැඩි ඉඩක් ලබාදීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා. මෙහිදී මැතිවරණයේදී ජය ගන්නා පක්ෂයට ප්‍රසාද මන්ත්‍රී ආසනයක් ලබාදීම පිළිබඳව ද සාකච්ඡාවී තිබෙනවා.

(Neth)